" ඒ කියන්නෙ හනා ඉන්නෙ ජින් ළඟ කියලද..."
" ඔව් බොස් ..."
ඒ එක්කම ඇහුණෙ හයියෙන් වීදුරුවක් බිදිලා යන සද්දෙ වටා පිටාව ඔක්කොම මීයට පිම්බා වගේ නිශ්ෂබ්ද වුනේ තමන්ගෙ ලොක්කගෙ කේන්තියේ තරම දන්න නිසා...
" මම උබලට කිව්වා නේද සොක් ජින් කියන්නෙ නිකමෙක් නෙමෙයි කියලා මම හිතුවෙ ජිමින් කියන එකා නැම්ජූන්ගෙ පවුල හංගන් ඉන්නවා කියලා බලන් යද්දි මුන් ඔක්කොම හොද සෙල්ලමක්නෙ කරලා තියන්නෙ මං එක්ක..."
" බොස් මට නම් හිතෙන්නෙ මුන් ඔක්කොම එකතු වෙලා ඉන්නෙ ඔය ජිමින් කියන මිනිහත් මේකට සම්බන්ධයි..."
ඉස්සරහ හිටපු ඔහුගෙ සේවකයා කියද්දි පුටුවෙ වාඩි වෙලා හිටපු කෙනාගෙ මූණෙ ඇදුනෙ සමච්චල් සහගත හිනාවක්...
" පාක් ජිමින් එහෙනම් උබ කිම් නම්ජූන්ගෙ අණට පිටුපෑවා මට හිතාගන්න බෑ නම්ජූන් ඌගෙ විශ්වාසවන්තම සගයාට දෙන දඩුවම කොහොම එකක් වෙයිද කියලා..."
" බොස් ඒත් කොහොමද ජිමින් මාෆියා වලට සම්බන්ධ වුණේ..."
" උබ හිතුවද මිනිහො කිම් නම්ජූන් තමන්ගෙ එකම නන්ගිව කොන්ද පන නැති පො## යෙක්ට දෙයි කියලා ජිමින් හනාව මැරි කරන්න හදන්නෙ කියලා දැනගද්දිමයි මට සැක හිතුණෙ හෝසොක් වගේම ජිමින් කියන්නෙත් එසේ මෙසේ එකෙක් නෙමෙයි නම්ජූන්ගෙ ඇස් දෙකෙන් එක ඇහැක් ලෝකෙටම අහිංසක ඩාන්සර් කෙනෙක් වගේ රගපාන පාක් ජිමින් මාෆියා ලෝකෙ නම්ජූන් තරමටම දරුණු රාක්ෂයෙක් නම්ජූන්ගෙ ගැන්ග් එක වෙනුවෙන් පිටරට ට්‍රේනින් එකක් තියන එකම කෙනා ජිමින් ඌ හිටියෙ කොරියාවෙ නෙමෙයි අන්තිමට ඌට හැමෝම ඉස්සරහට එන්න වුණේ නම්ජූන්ගෙ මස්සිනා වෙලා..."
" එතකොට බොස්ගෙ අප්පාගෙ මරණෙට තවත් හවුල් කාරයෙක් ජිමින් කියන්නෙ.."
" ඔව් යකෝ උන් ඔක්කොම එකතු වෙලා තමයි මගේ අප්පව මැරුවෙ අද උන් වෙනුවට මමයි මාෆියා ලීඩර් වෙන්න ඕනෙ අන්තිමට උන් මගෙ අප්පව විතරක් නෙමෙයි හැමදේම මගෙන් උදුර ගත්තා මේ ඩැනියල්ට දැන් එළියට එන්න කාලෙ හරි.."
" බොස් අපි ඊළඟට මොකද්ද කරන්නෙ.."
" අද රෑට ජින්ගෙ බඩු වගයක් වරායට එනවා එසේ මෙසේ බඩු නෙමෙයි එතන කෝටි ගානක් වටින බඩු තියනවා අපි ඒ ටික අපේ අතට ගමු එතකොට ජින්ට තරු විසික් වෙයි ඒ ලොස්ට් එක දරාගන්න බැරුව මේ වෙලාවෙ ඌ ගෙ පවුලට ලං වෙන්න බෑ ඒ නිසා මේ වැඩේ කරලා අවධානය වෙනස් කරමු නැම්ජූන් එන්න කලින් අපි මේ හැමදේම ඉවරයක් කරන්න ඕනෙ..."
YOU ARE READING
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)
Fanfictionකාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙 ආදරය කියන්නෙම පරිත්‍යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්... දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...