" ඩෑඩ් ඔයා ආවද මම කොච්චර වෙලා ඉදන් බලන් හිටියද අද වැඩ ගොඩක් වැඩියි වගේ ඩෑඩ්ට ගොඩක් මහන්සි පාටයි එන්න වාඩි වෙන්න මම ඩෑඩ්ගෙ ඔළුව මසාජ් කරන්නම්"
කටර් එකක් වගේ හුරතලේට හිනා වෙවී කතා කරන කෙල්ල දිහා ජින් බලන් හිටියෙ පුදුමෙන් වගේම තරහෙන් මොකද මෙච්චර කාලෙකට මෙහෙම දෙයක් වෙලා නෑ ඒත් එලීනගෙ මේ හැසිරීම නිසා ජින්ගෙ හිත ගැස්සුනේ නෑ කිව්වොත් බොරු එලීනා දැක්කා තමන්ට ජින් රවන බව ඒත් කෙල්ල ගණන් ගත්තෙ නෑ ඔම්මා ගාව හුරතලේට හැදුන එලීනට ඕන වුණේ ඔම්මට වගේම අප්පටත් ආදරේ කරන්න ඒත් එලීනා දන්නෙ නෑ ජින් කොහොම කෙනෙක්ද කියලා.......
" තමුන් පැත්තකට වෙනවා මොකද මේ කරන්නෙ..."
එලීනා ගත්ත ෆයිල් ටික ආපහු උදුරලා ගත්ත ජින් කෙල්ල දිහා බලලා රැව්වා...
" ඩෑඩ් මියානේ මං හිතුවෙ ඔයාට..."
" නෑ නෑ මට කිසි මහන්සියක් නෑ මොකද මේ මහ රෑ ඇහැරගෙන කරන්නෙ ගිහින් නිදාගන්නවා.."
එහෙම කියපු ජින් එතනින් යන්න යද්දි එලීනාගෙ කම්මුල දිගේ රූටලා ආපු කදුළු බිංදුවක් බිමට වැටුණා ඒ එක්කම එළියෙ ඉදන් ගේ ඇතුළට ආපු ටේහ්‍යුන් එලීනා ඉස්සරහ දණ නමලා කෙල්ලව තුරුල් කරගත්තා....
" සෙලී බේබි වට් හැපන් ඩෑඩ් ඔයාට කෑගැහුවද ඇයි මේ "
ඔව් ඒ තමයි එලීනාගෙ අනිත් සැම්චොන් නැම්ජූන් එක්ක ගද්දි ටේහ්‍යුන් කියන්නෙ අහසයි පොළොවයි වගේ කියලා එලීනට හිතුණා මොකද නැම්ජූන් කවදාවත් එලීනට මේ වගේ ආදරණීය වැළඳ ගැනීමක් දීලා තිබුණෙ නෑ එලීනා ටේහ්‍යුන් ගෙ බෙල්ල බදාගෙන ඒ පපුවට තවත් තුරුල් වුණේ ඇස් පියාගන්න ගමන්.....
YOU ARE READING
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)
Fanfictionකාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙 ආදරය කියන්නෙම පරිත්‍යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්... දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...