EPISODE 05💙

200 37 11
                                    

" ඒත් ඔයා හිතන විදිහට කිසිම දෙයක් වුණේ නෑ ඒකයි ඇත්ත...."

පිටිපස්සෙන් ඇහුන ගොරෝසු හඩ එක්කම හනාගෙ කර වටේ ලොකු කබායක් එතුණා කෙල්ල ඔළුව හරවලා ආපු කෙනා දිහා බැලුවා.....

" ටේ....ටේහ්‍යුන් ..."

" මං දන්නෙ නෑනෙ අපේ නූනා වැස්සෙ තෙමෙන්න මෙච්චර ආසයි කියලා..."

අතේ තිබුණ කුඩේ හනාටත් එක්ක අල්ලන ගමන් කොල්ලා මද සිනාවක් දාලා කියද්දි කෙල්ල වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටෙ කරවටේ දාපු ටේහ්‍යුන් ගෙ කබාය තව ටිකක් ඇගට තද කරගන්න ගමන්....

" ඔ..ඔයා ඇයි මෙතන..."

" අපේ අප්පාගෙ සොහොන හැමදාම ලස්සන කරන හොරාව හොයාගන්න ආවා මම හිතුවා වගේම හොරෙක් තමයි බලන් යද්දි ඒක කරලා තියන්නෙ..."

" ඒ කියන්නෙ ඔයා කලින් ඉදන්..."

" මම හිතන්නෙ මං විතරක් නෙමෙයි ඒක හ්‍යොනුත් දන්නවා ඒකනෙ හැමදාම සොහොන ළඟ ලස්සන කරලා යන කෙනාව ලේසියෙන්ම හොයාගන්න පුළුවන්කම තියෙද්දිත් එයා සද්ද නැතුව ඉන්නෙ...."

ටේහ්‍යුන් ගානක් නැතුව කිව්වත් ඒක අහලා හනා නම් ටිකක් බය වුණා....

" ටේ...ටේහ්‍යුන් මං දැන් යන්න ඕනෙ කුමාවෝ කෝට් එක දුන්නාට..."

කුඩේ යටින් මෑත් වෙලා කෙල්ල යන්න හැරෙද්දි ටේහ්‍යුන් ආයෙත් කතා කරා...

" නූනා අසනීපවෙන්න එපා එන්න මං ඔයාව ඩ්‍රොප් කරන්නම්.."

" එපා ටේහ්‍යුන් ඔයා පරිස්සමින් ගෙදර යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" එපා ටේහ්‍යුන් ඔයා පරිස්සමින් ගෙදර යන්න..."

" නැම්ජූන් හ්‍යොන් දැනගනී කියලා බයද...."

කට කොනකින් හිනා වෙලා නොරිස්සුම් හඩින් ටේහ්‍යුන් කියද්දි හනා තොල් දෙක තද කරගත්‍තා....

*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)Where stories live. Discover now