" ඔහ් මියානේ කෝ නැගිටින්න..."
ඉස්සරහ ඉන්න කෙනා අත දික් කරද්දි තමයි එලීනා ඒ කෙනාගෙ මූණ දිහා බැලුවෙ...
" සන් ඔප්පා ඔයා මෙහෙ....."
" නැගිටලා ඉන්න එලී..."
කොල්ලා ආයෙම කියද්දි එලීනා ඔහුගෙ අත අල්ලන් නැගිට්ටත් එක්කම සෙලීනා කලබලෙන් එතන්ට දුවන් ආවා....
" සන් ඔප්පා ඔයා මොකද අංකල් යුන්ගිගෙ ගෙදර කරන්නෙ..."
සෙලීනා ඇහුවෙ පුදුමෙන් ඒ එක්කම කට කොනින් අමුතු හිනාවක් දාපු සන් හ්යුක්...
" මම මගේ ගෙදර ඉන්නෙ නැතුව වෙන කොහෙ ඉන්නද..."
"මොකාආආආආආක් "
සෙලී එලී දෙන්නම එකපාරට කෑගහද්දි හනාවත් ඇදගෙන එතන්ට ආවෙ යූනා....
" හම්මේ මේ ඉන්නෙ මගේ පුත්රරත්නය .."
යූනා සන්හ්යුක් ගෙ කරට අතක් දාගන්න ගමන් කියද්දි කෙල්ලො දෙන්නා මූණට මූණ බලාගත්තා...
" මින් සන් හ්යුක් යුන්ගිගෙයි මගෙයි පන ටික මියානේ හනා කලින් ඔයාලට මෙයාව මීට් කරවන්න බැරි වුණ එකට මෙයත් යුන්ගි වගේමයි වැඩකට බැස්සොත් ඒකෙන් ගලවගන්න අමාරුයි..."
" ඔහ් මයි ගෝඩ් ඔන්නි මෙයා යුන්ගි ඔප්පා වගේම තමයි ශෝක් අනේ ඔය දෙන්නට ඉන්නෙ ලොකු පුතෙක්නෙ ඔයා නැනී එක්ක දාලා ආවා කිව්වහම මම හිතුවෙ කොරියා ආවෙ නෑ කියලා..."
" මෙයා කොරියා ආවෙ මටත් කලින් හනා ඒත් යුන්ගි කිව්වා සන් ආපු වැඩේ කරන් ආපහු යනකන් මේක රහසක් විදිහට තියාගමු කියලා...."
" අනේ මෙයා ලොකු කොල්ලෙක්නෙ හුරතල් කරන්න බෑනෙ එන්න බලන්න හග් එකක් දෙන්න..."
හනා අත් දෙක දෙපැත්තට කරද්දි සන් හ්යුක් හිනා වෙලා හනාට හග් එකක් දුන්නා.කලාතුරකින් දකින්න ලැබෙන කොල්ලගෙ හිනාව දිහා කෙල්ලො දෙන්නම බලන් හිටියෙ පුදුම වෙලා වගේ....
" ආන්ටි එහෙනම් අපි පස්සෙ හම්බවෙමු මම අංකල් ටේහ්යුන්ව හම්බෙලා එන්නම් මමී ඔයා හිටන් ඉන්න එපා ආන්ටි එක්ක ගිහින් වාඩිවෙන්න..."
යූනාගෙ ඔළුවට තට්ටුවක් දාපු සන් හ්යුක් කෙල්ලො දෙන්නා දිහත් හොරෙන් බලලා එතනින් යන්න ගියා.....
YOU ARE READING
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)
Fanfictionකාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙 ආදරය කියන්නෙම පරිත්යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්... දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...