හෝසොක් ඇවිත් ගියාට පස්සෙ හනා හිටියෙ හොද මානසික මට්ටමකින් නම් නෙමෙයි නැම්ජූන් ගෙ හිතේ කෙල්ලට මැරේජ් එකක් කරවලා දෙන්න අදහසක් තියනවා කියලා කිව්වට එතනින් එහාට කිසිම විස්තරයක් කිව්වෙ නැති එකට හනාට හෝසොක් එක්කත් තරහා ගියා බීපු ඒවගෙ අමාරුව ටිකක් ඇරෙනකන් ඉදපු හනා කැෆේ එකට ආවෙත් එක එක දේවල් කල්පනා කරන ගමන්....
" ගුඩ් මෝනින් මැඩම්..."
කැෆේ එක ඇතුළට එද්දි සේවිකාවො හැමෝම කෙල්ලට ආචාර කරා....
" ගුඩ් මෝනින් හැමෝටම කෝ ලීනා ඔන්නි ..."
" ඇතුළෙ ඉන්නවා මැඩම්...."
" හරි ඕගොල්ලො වැඩ කරන්න මං බලන්නම්..."
ඇවිත් ඉන්න කස්ටමස්ලා දිහාටත් හිනාවක් දාලා හනා ඇතුළට යද්දි ලීනා එහෙට මෙහෙට දුව දුව වැඩ, අතේ තිබ්බ බෑග් එක පැත්තකින් තියපු හනා ඒප්‍රන් එක අතට ගන්න ගමන් ලීනාට කතා කරා....
" ගුඩ් මෝනින් ඔන්නි...."
" අනේ හනා ඔයා ආවද මොකද පරක්කු මුකුත් ප්‍රශ්නයක් නෑ නේද..."
කර කර හිටපු වැඩෙත් නවත්තලා ලීනා අහද්දි හනා අත් දෙකත් බැඳගෙන බිත්තියට හේත්තු වුණා ....
" මොකද හනා මොකක් හරි ප්‍රශ්නයක්ද .."
" හ්ම් ඔව් ...."
" ඇයි නැම්ජුන් සර් ගැහුවද බැන්නාද ද නැත්තම් එලී ට ප්‍රශ්නයක්ද...."
" නෑ එහෙම දෙයක් නෙමෙයි ඔන්නි ඔප්පා හදන්නෙ මාව වෙන කෙනෙක්ට මැරි කරවන්න...."
" මොකක් ...."
ලීනා අතේ තිබ්බ ට්‍රේ එකත් පැත්තකින් තියලා හනා ලගට කිට්ටු වුණේ කතාව සවිස්තරාත්මකව අහන්න....
ESTÁS LEYENDO
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)
Fanficකාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙 ආදරය කියන්නෙම පරිත්‍යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්... දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...