" ජි...ජින්.....ඔ..ඔප්පා එයාව මැරුවා....මගේ ඇස් ඉස්සරහම මැරුවා...."
හනා ආයෙත් කෙදිරිගාන්න පටන් ගද්දි ජින් වගේම යුන්ගි ත් ඇස් ලොකු කරන් පුදුමෙන් කෙල්ල දිහා බැලුවා.....
" වට් කාවද මැරුවෙ...."
" ගාඩ් කෙනෙක්ව ඔ...ඔයා එ...ක්ක ක...කතා කරා...කිය...ලා ඒ ගා...ඩ් ව මැ...මැරුවා ම...මගේ ඇස් දෙ...දෙ..දෙක ඉස්සරහ මට බෑ....මට හ...හරි මහ...මහන්සියි ජි...ජින් ඔ...ඔම්මා මාව ඔයා ළ...ගට ගන්න...."
" ජිනා මට හිතන්නෙ නැම්ජුනා හැමදේම දැනගෙන වගේ අද උදේ අපි හනාව හම්බෙන්න ගිය එක ගැන ඊට පස්සෙ කෙල්ලව බලාගන්න හිටපු ගාඩ් කාරයව කෙල්ල ඉස්සරහම මරන්න ඇති පව් බං.."
යුන්ගි දුකින් වගේ හනා දිහා බලාගෙන කියද්දි ජින්ගෙ ඇස් ආපහු කෙල්ල දිහාට හැරුණා අඩුම තමන්ගෙ දුව ඉස්සරහවත් උණු වෙන්නෙ නැති ඒ ගල් හදවත වේදනා දෙද්දි කොල්ලා කරේ කෙල්ලව පපුවට තුරුල් කරන් සන්සුන් කරන්න හදපු එක....
"ජිනා අන්න අරූ එනවා...."
" හනා .... හනා.......ඔයා කොහෙද...."
ඒ එක්කම එතන්ට දුවන් ආපු පිරිමි කෙනා නිසා යුන්ගි වගේම ජිනුත් ඒ පැත්ත බැලුවා.ජින්ගෙ තුරුලෙ කෙඳිරි ග ගා ඉන්න කෙල්ලව දැකලා ආපු කෙනා එහෙම්ම නතර වුණා.....
" හනා .... හනාට මොකද වුණේ හනා ඔයා හොදින්ද ..."
ඒ එක්කම ලගට දුවන් ආපු ඒ පිරිමි කෙනා ජින් ළඟ හිටපු හනාව තමන් ලගට ඇදලා ගන්න ගමන් කෙල්ලගෙ මූණට අත තියලා අහද්දි ජින් අත් දෙක බැඳගෙන ඒ දිහා බලන් හිටියෙ හිස් බැල්මකින්....
" තමුන් කවුද....."
" මම කවුරු වුණත් තමුසෙට වැඩක් නෑනෙ ඒ නිසා පාඩුවේ ඉන්නවා. හනා කතා කරන්න ඔයා හොදින්ද...."
VOUS LISEZ
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)
Fanfictionකාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙 ආදරය කියන්නෙම පරිත්‍යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්... දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...