EPISODE 23💙💫

201 37 29
                                    

වටේම ඉන්න මිනිස්සු මල් වෙඩි වල ලස්සන විදිද්දි ජින් හනා එයාලාගෙ  ලෝකෙ තනි වුණා.....

" ජි...ජින්..."

ජින් හනාගෙ ඇස් දිහා බලාගෙනම කෙල්ලගෙන් ඈත් වෙද්දි හනා ඔළුව උස්සලා කොල්ලා දිහා බැලුවා...

" මොකෝ ජිමින් දකී කියලා බය හිතුණද.."

" ඔයා හොදටම දන්නවා මම මැරි කරන්න ඉන්න කෙනෙක් කියලා එහෙම එකේ ඇයි මේ..."

හනා කිව්වෙ බිඳුණු හඬකින් කොල්ලා නම් කිසිම හැඟීමක් නැතුව කෙල්ල දිහා බලන් හිටියා....

" ඔයා ජිමින් ව නෙමෙයි මේ රටේ ඉන්න ජනාධිපතිව මැරි කරත් මට කිසිම ගානක් නෑ එක පාරක් මගේ වුණ දෙයක් ආයෙත් ලං කරගන්න මට කාගෙන්වත් අවසරයක් ඕනෙ නෑ..."

" ඔයාට මාව සෙල්ලම් බඩුවක්ද ජින්

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

" ඔයාට මාව සෙල්ලම් බඩුවක්ද ජින්..."

හනා ටිකක් සැරෙන් කියද්දි කොහෙදෝ ඉදන් දුවන් ආපු එලීනා ජින්ගෙ අතේ එල්ලුනා එසැනින්ම හනාගෙ ඇස් දෙකත් නතර වුණේ ජින්ගෙ අතේ එල්ලුන කෙල්ල  ළඟ...

" ඩෑඩ් ඔයා කොහෙද අනේ හිටියේ මම හැමතැනම හෙව්වා...."

හනාට පුදුමයි කෙල්ල පළවෙනි වතාවට තමයි දැක්කෙ තමන්ගෙ දුව ජින් එක්ක මේ තරම් ළඟින් ඉන්නවා ඒ වගේම හනා දැක්කා එලීනා අල්ලන් ඉන්න තමන්ගෙ අත දිහා ජින් හිස් බැල්මකින් බලන් ඉන්නවා කියලත්....

" ඩෑඩ් ඔයා ෆයර් වර්ක් බැලුවද .."

" හුම් කෝ ටේහ්‍යුන් ඔයා කාත් එක්කද ආවෙ..."

" අංකල් ටේ අන්න අතන ඉන්නවා මම ඩෑඩ්ව දැකලා දුවන් ආවා..."

කට්ටියක් වට කරගෙන කතා කර කර ඉන්න ටේහ්‍යුන් ව පෙන්නලා එලීනා කිව්වා ඒ එක්කම එතනට දුවන් ආපු සෙලීනා හනාගෙ අතේ එල්ලුනා....

*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)Onde histórias criam vida. Descubra agora