"සැ...සැ....ම්චොන් ම..මං එ...එලීනා..."
ටේහ්‍යුන් ගෙ පපුවට තද වෙලා හිටපු කෙල්ල ගොත ගහ ගහ කියද්දි ටේහ්‍යුන් කෙල්ලගෙන් ඈත් වුණා....
" ඔහෝ ආයෙත් පාරක් මට පැටලිලා වගේ මියානේ පැටියෝ මම හිතුවේ...."
" සෙලීනා කියලානෙ..."
ටේ ඉතුරු ටික කියන්න කලින් එලීනා කියද්දි එතනට කලබලෙන් ඇවිදන් ආවෙ සෙලීනා....
" ඕ ගෝඩ් අංකල් ටේහ්‍යුන් මම හැමතැනම ඔයාව හෙව්වා...."
කෙල්ල ටේහ්‍යුන් ගෙ ඉන වටේ අත් යවලා කොල්ලව හග් කරන ගමන් කියද්දි එලීනා ආපහු බිම බලාගත්තා ඒත් ටේහ්‍යුන් ගෙ ඇස් නම් තිබුණෙ එලීනා ගාව....
" ටිකක් ලේට් වුණා සෙලී...."
" ඒත් ඔයා මොකද මෙතන කරන්නෙ මං කියලා හිතලා මෙයාව හග් කරා කියලානම් කියන්න එපා..."
ටේහ්‍යුන් ගෙන් ඈත් වෙලා එලීනාට රවන ගමන් සෙලීනා කියද්දි ටේහ්‍යුන් කෙල්ලගෙ අතින් අල්ලගත්තා....
" අම්මෝ මොකද ඔච්චර නපුරු අපි යමු නැත්තම් තවත් ලේට් වෙයි...."
ටේහ්‍යුන් ට ඕන වුණේ නෑ ආපහු වතාවක් එලීනාගෙ හිත රිද්දන්න ඒ නිසයි කතාව වෙනස් කරලා කොල්ලා සෙලීනාවත් එක්කගෙන එතනින් යන්න ගියෙ ටේහ්‍යුන් ගියාට පස්සෙ ඇස් වල තිබුණ කදුළු පිහදාගත්ත එලීනා ක්ලාස් රූම් එකට ගියා...
පේරන්ස් මීටින් එක ඉවර වෙලා නැම්ජූන් ගෙ වාහානේකින් එලීනාව ගෙදර යවපු හනා රෑ වෙනකන් කැෆේ එකේ වැඩ කරා සමහර මිනිස්සු හනාගෙ අතින් හදන රසම රස කොෆී එකනම් කවදාවත් මගඅරින්නෙ නෑ ඒ අතරෙ සමහර තරුණයො කැෆේ එකට ආවෙ කන්න බොන්නම විතරක්ම නෙමෙයි කියලා සේවිකාවො පවා දැනන් හිටියා හනා ලස්සනයි හුරුබුහුටියි කෙල්ල කැෆේ එකට එන ඕන කෙනෙක් එක්ක නිහතමානීව කතා කරනවා ඉතින් කෙල්ලගෙ වටේ ඕනතරම් තරුණයො අඩුවක් නැතුව ගැවසුනා......
ඒත් හනා ඔම්මා කෙනෙක් හනා හැමදාමත් තමන්ගෙ සීමාවෙ හිටියා කවදවත් කෙල්ලගෙ හිත හොරෙන්වත් වෙන තැනක නතර වුණේ නෑ තමන්ව සතපහකට මායිම් නොකරන තමන්ගෙ එකම ආදරේ දිහා දුර ඉදන් බලාගෙන සැනසෙන්න කෙල්ල පුරුදු වෙලා හිටියා ජින් ගොඩක් වාසනාවන්තයි එහෙම ආදරයක් ලබන්න කොල්ලට පින නැතුව ඇති හනාව ළඟින් තියාගන්න. හස්බන්ඩ් කෙනෙක් නැතුව ගෑණු දරුවෙක් එක්ක හනා තනියෙන් ජීවත් වුණා එලීනාව සමාජෙට තමන්ගෙ දුව කියලා පෙන්නන කෙල්ල බය වුණේ නෑ සමහර මිනිස්සු එලීනා හනාගෙ දුව බව දැනගෙන පුදුම වෙනවා ඒත් කෙල්ල කවදාවත් ඒ දේවල් වලින් අපහසුතාවයට පත් වුණේ නෑ.....
VOCÊ ESTÁ LENDO
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)
Fanficකාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙 ආදරය කියන්නෙම පරිත්‍යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්... දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...