" ෆයිනලි හිතුවා වගේම එයාලා ආවා.."
මැන්ශන් එක ඇතුළට ආපු තුන් දෙනාව දැකලා ටේහ්‍යුන්ගෙ මූණෙ ඇදුනෙ සැනසිලිදායක හිනාවක්........
ඔව් ඒ ඇවිත් හිටියෙ වෙන කවුරුත් නෙමෙයි සෙලීනා ජිමින් වගේම හීනෙකින්වත් බලාපොරොත්තු නොවුන තව කෙනෙක් එතන හිටියා කදුළු වලින් බර වෙලා තියන ඇස් වලින් හනා බලන් හිටියෙ ජිමින්ගෙ අතින් අල්ලගෙන ඉදිරියට ඇවිදන් එන සෙලීනා දිහා....
" සෙලී ...."
ජිමින් දිහා බලලා මද හිනාවක් පාපු සෙලීනා හනා ඉස්සරහට ඇවිදන් ආවෙ පුංචි බොක්ස් එකකුත් අතේ තියාගෙන...
" Happy Birth Day මාම්..."
" කුමාවෝ මැණික ඔම්මට අවසර දෙනවද ඔයාව තුරුල් කරගන්න..."
සෙලීනා දීපු ගිෆ්ට් එක අතට ගන්න ගමන් හනා කෙල්ල ඉස්සරහ දණ නැමුවා හනාට උත්තරයක් නොදීම ඇයගෙ බෙල්ල වගේ අත් ඔතපු සෙලීනා තමන්ගෙ මාම්ගෙ උණුහුමට තුරුල් වුනේ ගොඩක් ආදරෙන්...
" මියානේ මාම් මම ඔයාට වෛර කරා මම මගේම නංගිට ගොඩක් වෙනස්කම් කරා ඒ හැමදේටම මියානේ මට දැන් හැමදේම තේරෙනවා මාම් මාව ඩෑඩ් ළගට එව්වෙ ඇයි කියලත් දන්නවා දැන් මම ලොකු ළමයෙක් නිසා මට ඒ දේවල් ගොදට තේරෙනවා..."
" අනේ මගේ පැටියා මට ගොඩක් සතුටුයි අද තමයි මගේ හොදම බර්ත් ඩේ එක සමාව ඉල්ලන්න එපා රත්තරන් ඔම්මා ඔයාට පනටත් වඩා ආදරෙයි මගෙ දුව වැරැද්දක් කරේ නෑ..."
" ඒයි උබලා දෙන්නද මේක කරේ..."
මේ අතරෙ ටේ ජන්කුක් ඉන්න තැනට කිට්ටු වුණ යුන්ගි රහසින් කොල්ලො දෙන්නගෙන් ඇහුවා...
" මම නම් දන්නෙ නෑ හ්‍යොන් මෙන්න මෙයා තමයි කරේ.."
ජන්කුක් ටේහ්‍යුන්ට ඇගිල්ල දික් කරද්දි යුන්ගි ඇස් හීනි කරලා කොල්ලා දිහා බැලුවා...
ESTÁS LEYENDO
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)
Fanficකාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙 ආදරය කියන්නෙම පරිත්‍යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්... දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...