කණ්ණාඩිය ඉස්සරහට වෙලා කම්පැනි එකට යන්න හැඩ වෙන ජින් දිහා ටික වෙලාවක් බලන් හිටපු හනා ටිකෙන් ටික කොල්ලා ළගට කිට්ටු කරේ පැත්තක එල්ලලා තිබුණ කෝට් එකත් අරගෙනමයි...
" ජින් අපි දුවලා දෙන්නව මෙහෙ ගේමු එයාලා දෙන්නා පව් ජින්..."
හනා බිඳුණු හඩින් කියද්දි ජින් කර කර හිටපු වැඩේ නවත්තලා හනාගෙ පැත්තට හැරුණා...
" හ්ම් මම ඉක්මනට ඒ දෙන්නව අරන් එන්නම් ඒත් ඊට කලින් මට කරන්න පොඩි වැඩක් තියනවා..."
" ජින් ඔයා ඔප්පා ගිය තැනක් දන්නවද එයා හොදින්ද දන් නෑ අඩුම තරමෙ හොබී ඔප්පවත් මට කෝල් එකක් දුන්නෙ නෑ..."
" නැම්ජූන් ගියෙ ට්‍රේනින් එකකට මාෆියා ගැන්ග් වල ලොකු බලයක් තියන අයට දෙන ට්‍රේනින් එකක් ඒක..."
ජින් ටයි පටිය දාන ගමන් කියද්දි හනා කලබල වුණා...
" අනේ දෙයියනේ එයාලා හොදින් ඇති නේද ජින්..."
" අපි එහෙම හිතමු..."
" ඒත් ඇයි ඔයා ගියෙ නැත්තෙ..."
කට කොනින් හිනා වුණ ජින් කෙල්ලගෙ උරහිස් දෙකට අත තියලා මූණට එබුනා...
" ඊට වඩා කරන්න ලොකු වැඩක් මට මෙහෙ තිබුණා ඒකයි මම නොගියෙ..."
" ජින්..."
" ශ් මුකුත් කියන්න එපා ළගදිම අපි මැරි කරමු මම නෙක්ස්ට් වීක් බිස්නස් ට්‍රිප් එකක් යනවා කොරියා වලින් පිටට.."
මිරර් ටේබල් එක උඩ තිබුණ වොච් එක අතේ බැදගන්න ගමන් ජින් කියද්දි හනාගෙ ඇස් දුකින් බිමට බර වෙන හැටි කොල්ලා දැක්කා...
" ඒකට ඔයත් මං එක්ක යන්න ඕනෙ "
" වට් මම ඒත් ..."
" අපි ඉක්මනට මැරි කරමු..."
" නෑ ජින් ඔප්පා එනකන් මට බෑ ඒක කරන්න ප්ලීස් එයාගෙ අකමැත්තෙන් මට ඒක කරන්න කියන්න එපා.."
" එයා ආයෙ ආවෙ නැත්තම් ඔයා සදහටම ඔහොම ඉන්නද හදන්නෙ.."
ජින් බැරෑරුම්ව කියද්දි හනාගෙ ඇස් වලින් කදුළු බිංදුවක් පහළට වැටුණා නැම්ජූන් කියන්නෙ හනාගෙ ජීවිතේ ශක්තිය කිසිම හයියක් නැතුව තනියම ජීවත් වුණ හනාට හෙවණක් වුනේ තමන්ගෙ සහෝදරයා ඉතින් කොහොමද කෙල්ල එහෙම දෙයක් හිතන්නෙවත් හනා දිහා ටික වෙලාවක් බලන් හිටපු ජින් කෙල්ලගෙ ඉන වටේ අත් යවලා ළගට ඇදලා ගත්තා....
ŞİMDİ OKUDUĞUN
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)
Hayran Kurguකාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙 ආදරය කියන්නෙම පරිත්‍යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්... දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...