කොල්ලො දෙන්නා ජිමින්ගෙ ගෙදරට ඇවිත් දැන් සෑහෙන වෙලාවක් වුණත් ජිමින් නම් පේන මානෙක හිටියෙ නෑ දෙන්නා වැඩිය කලබල නොකරපු නිසා ජිමින්ට කෝල් කරලා ගාඩ්ලා ඇතුළට ගිහින් වාඩි වෙන්න අවසර දුන්නා...
" එලීනා ස්කූල් යන්න ඇති නේද කුකියා.."
" හුම් පේන්න නෑනෙ එහෙම වෙන්න ඇති.."
" අපරාදෙ මුගෙ ලොකු කම් බල බල ඉන්න ටිකේ කෙල්ලව ස්කූල් එක ළඟින් උස්සන්න තිබ්බෙ..."
කකුළක් පිට කකුළක් දාගෙන ටේහ්යුන් ගානක් නැතුව කියද්දි ජන්කුක් කොල්ලා දිහා බලලා රැව්වා...
" හරි හරි මම නිකමට වගේ කිව්වෙ.."
" ජිමින් කාරයා කෙල්ලට හෙන ගාඩ් එකක් දීලා තියන්නෙ ඔහොම හිටියට "
" හ්ම් බලමුකො.."
ටේහ්යුන් ජන්කුක් දෙන්නාගෙ කතාව අතරේ සයිඩ් බෑග් එකක් එල්ලගෙන ගේ ඇතුළට ආවෙ ජීහන් කොල්ලා සින්දුවක් මුමුණ ගේ ඇතුළට ආවත් සෝෆා එකේ වාඩි වෙලා තමන්ව ගිලින්න වගේ බලන් ඉන්න තරුණයො දෙන්නව දැකලා කිය කිය හිටපු සිංදුව නැවැත්තුවා...
" අහ් ඔයාලා කවුද කාව හම්බෙන්නද.."
" මේ ගෙදර හැල්මොනිව හම්බෙ..."
ටේහ්යුන්ට ඉතුරු ටික කියන්න හම්බුණේ නෑ ජන්කුක් මැද්දෙන් පැන්නා...
" අපි මේ ජිමින්ව හම්බෙන්න ආවෙ..."
" අහ් හ්යොන් මේ වෙලාවට නම් ඉන්නෙ ඔෆිස් එකේ ගාඩ්ලා එයාට පණිවිඩේ කියලා ඇති ටිකකින් එයි ..."
" අහ් හරි ඒත් ඔයා..."
" මම එයාගෙ මල්ලි පාක් ජීහන් .."
"ඔහ් එහෙමද අපි අදනෙ දන්නෙ ජිමින්ට මල්ලි කෙනෙක් ඉන්නවා කියලා..."
ජන්කුක් හිනා වෙවී කතා කරන දිහා බලාගෙන ටේහ්යුන් නම් රැව්වා...
" මේ ගෙදර පොඩි ගෑණු ළමයෙක් ඉන්නවා නේද..."
ටේහ්යුන් අහපු ප්රශ්නෙට ජීහන් පුදුම වෙලා ඒ දිහා බැලුවත් එසැනින් කොල්ලා ආයෙම සාමාන්ය විදිහට කතා කරා...
" මියානේ ඔයාලට වැරදිලා මෙහෙ කවුරුත් නෑ මායි හ්යොනුයි විතරයි ඉන්නෙ එක්ස්ක්යුස් මී..."
YOU ARE READING
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)
Fanfictionකාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙 ආදරය කියන්නෙම පරිත්යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්... දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...