EPISODE 22💙💫

218 40 30
                                    

" අප්පා මං බයයි අප්පා ඒවා ගොඩක් සද්දෙයි...."

කෙල්ල බිම දණගහගෙනම ජින්ගෙ කකුල් දෙකේ එල්ලුනා ඔව් වෙනදා ඩෑඩ් කියලා කතා කරන සෙලීනා අද අප්පා කියලා කතා කරා ජින්ට ඒක ඇහුණා ඒත් කෙල්ල ඉන්න විදිහ දැක්කහම කොල්ලට ඒක හිතන්න වෙලාවක් තිබුණෙ නෑ ඒ එක්කම ජින් බිමට නැමිලා කෙල්ලව තුරුල් කරගත්තා.....

" අප්පා මට බයයි මාව දාලා යන්න එපා..."

එලීනා  පපුව අස්සෙ ඔළුව ගහගෙන අඩද්දි කොල්ලා මුකුත් නොකියම  ඔළුව අතගාන්න ගත්තෙ කෙල්ලව සන්සුන් කරන්න හිතාගෙන...

ටික වෙලාවක් එහෙම්ම හිටපු ජින් එලීනව අත් අතරට අරන් ඇද උඩින් තිබ්බත් කෙල්ල මොහොතකටවත් ජින්ගෙ ටී එක අත ඇරියෙ නෑ මෙච්චර කාලෙකට තමන්ගෙ දුව අකුණු වලට බයයි කියලා ජින් දැනන් හිටියෙ නෑ ගිගුරුම් හඩේ අඩුවක් නැති නිසා නයිට් ලෑම්ප් එක ඕෆ් කරපු ජින් එලීනට ඩුවට් එක පොරවලා කෙල්ල ලගින්ම ඇල වුණා.....

" ඔ...ඔම්මා මිස් යූ....."

ජින්ගෙ පපුවට තුරුල් වෙන ගමන් එලීනා කියද්දි ජින්ට පුදුම හිතුණා කොල්ලා දන්නවා සෙලීනා හනා එක්ක තරහෙන් ඉන්න බව අද පළවෙනි පාරට හනාට ඔම්මා කියලා කතා කරනවා ඇහෙද්දි කොල්ලගෙ හිතත් නොසන්සුන් වුණා. එලීනාගෙ මේ ස්පර්ශ ජින්ට හරිම නුපුරුදුයි මෙච්චර කාලෙකට හනා ඇරෙන්න කවුරුත් කොල්ලට මේ තරම් ලං වෙලා ඉදලා නෑ මේ හැගීමට ආස වෙන්නද තරහ ගන්නද කියලවත් කොල්ලට තේරුණේ නෑ....

ටේහ්‍යුන් මිශන් එක කම්ප්ලීට් කරලා මැන්ශන් එකට එද්දි උදේ වෙන්නත් ලගයි කොල්ලා මහන්සියෙන් මැන්ශන් එකට ඇවිත් මුලින්ම ගියෙ සෙලීනගෙ රූම් එකට ඒත් ඔහේ ඇරලා දාලා තියන රූම් එක දකිද්දි ටේහ්‍යුන් ගෙ කකුල් දෙකත් පණ නැතුව ගියා....

" දෙයියනේ මගේ කෙල්ල මේඩ් මේඩ්......මෙහෙ වරෙන් වැඩ කරන වුන්..."

ටේහ්‍යුන් කෑගහද්දි ප්‍රධාන මේඩ් වගේම ගාඩ් කෙනෙකුත් දුවන් ආවා...

" කෝ සෙලීනා "

" ඇයි මහත්තයා බේබි රූම් එකේ නැද්ද..."

මේඩ් රූම් එක දිහාට ඇස් යවන ගමන් අහද්දි ටේහ්‍යුන් ට තරහ ගියා...

*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)Where stories live. Discover now