EPISODE 13💙💫

190 37 34
                                    

නැම්ජූන් ගෙ අතේ එල්ලිලා හෝල් එකට පියනගන හනා ගාව ජින්ගෙ ඇස් ක්ෂනිකව නැවතුනා කෙල්ලගෙ ඒ අහිංසක ලස්සන දැකලා කොල්ලගෙ ගල් හිත මොහොතකට ගැස්සෙද්දි තවත් වයින් උගුරක් තොල තියන ගමන් ජින් නිහඬව ඒ දෙස බලන් හිටියා.

" අර මිස්‍ට නැම්ජූන් ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ද..."

" නෑ මං හිතන්නෙ එයාගෙ නංගි මොකද මිස්ට නැම්ජූන්ට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනම් මේ වෙද්දිත් මීඩියා වලින්  ඕක එළියට දීලා "

" ඔහ් ඔව්මයි මට මතකයි නැම්ජූන් ගෙ නංගි ගැන නිව්ස් ගියා ඒත් කවුරුත් එයාව දැකලා තිබුණෙ නෑනෙ වාව් එයා ගොඩක් ලස්සනයි...."

" ලස්සන නොවී තියෙයිද ඒ කිම් නැම්ජූන්ගෙ නංගි ඔප්පා වගේම වෙනන එපැයි..."

එහා පැත්තෙ ටේබල් එකේ ඉන්න අය ඒ විදිහට කසු කුසු ගාද්දි ජින් එක්ක හිටපු අය හැමෝම බැලුවෙ කොල්ලා දිහා ඒත් ජින් කියන්නෙ කිසිම දේකට සැලෙන කෙනෙක් නෙමෙයි කොල්ලට ඒවා කිසිම ගාණක් නෑ..

" ජිනා මොනම හේතුවකටවත් අද හනාට ලං වෙන්නෙ එපා ..."

ජින්ගෙ එහා පැත්තෙ හිටපු යුන්ගි කිව්වෙ ජින්ගෙ හැටි හොදටම දන්න නිසා. ඒත් කොල්ලට උත්තරය විදිහට ලැබුණෙ ජින්ගෙ කට කොනේ හිනාව විතරයි.....

සැරින් සැරේ එකවර මූණට වැටෙන ෆ්ලෑශ් එළිය හනාට අපහසුවක් වෙද්දි කෙල්ල නැම්ජූන්ගෙ අත තද  කරලා අල්ලගත්තා මේ අත්දැකීම කෙල්ලට ගොඩක් නුහුරුයි වගේම අපහසුයි වට පිටාවෙ හිටපු තරුණ මහළු හැම කෙනාගෙම ඇස් මේ වෙද්දිත් හනා හොරකම් කරලා ඉවරයි ඒ කිසිම කෙනෙක්ට මතක් වුණේ නෑ නැම්ජූන් ගෙ නංගි දරුවො දෙන්නෙක්ගෙ ඔම්මා කෙනෙක් කියලවත් ජින් මෙතන ඉන්නවා කියලවත් මොකද හැමෝම දන්නවා ජින් කිම් ෆැමිලි එකත් එක්ක කිසිම සම්බන්ධයක් පවත්වන්නෙ නැති බව....

" ඔප්පා "

" හරි මං ඉන්නවනෙ හනා රිලැක්ස් වෙන්න එන්න මෙතනින් වාඩි වෙන්න ජිමින් ආවහම ඔක්කොම හරියයි...."

එහෙම කියපු නැම්ජූන් හනාව ටේබල් එකකින් වාඩි කරා ටික වෙලාවක් යනකන් නැම්ජූන් කෙල්ල ළඟින් හෙළ වුණේ නෑ කොල්ලගෙ තියුණු ඇස් සැරින් සැරේට ඈතින් වාඩි වෙලා ඉන්න ජින් වෙතට යොමුවුණා.ඒත් හනා තාම ජින් ඉන්න වහ දැන්නෙ නෑ....

*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)Where stories live. Discover now