දවස් කිහිපයක් ගෙවිලා ගියා එලීනා හිටියෙ ගොඩක් සතුටින් එදා ජින්ව දැක්ක එක ඒකට ලොකු හේතුවක් වගේම මේ ටිකේම ස්කූල් ගියත් සෙලීනගෙන් වත් ටීනාගෙන්වත් කිසිම අව්ලක් වුණේ නැති එක තවත් හේතුවක් වුණා. අද ස්කූල් නිවාඩු දවසක් නිසා කෙල්ල යූරා එක්ක එළියට ආවෙ ටිකක් ඇවිදින්න හිතාගෙන හෝසොක් පස්සෙන් එන්න හැදුවත් කෙල්ලො දෙන්නා කොහොම හරි කොල්ලව ආපහු හරවලා යැව්වා......
" එලීනා ඇත්තටම උබ කියපු දේවල් වල හැටියට මටත් ආසයි මිස්ට ජින්ව බලන්න "
හන් ගඟ ඉවුරෙ ඇවිදින ගමන් යූරා නිහඩතාවය බින්දා....
" කොහොම දකින්නද මටත් ආසයි එයාව බලන්න ඒත් ඉතින් එදා වගේ අහම්බෙන් හම්බවුනොත් මිසක් ආයෙනම් අල්ලනවා බොරු...."
" සෙලීනා දැනගත්තොත් ඔය සිද්ධිය ඉවරටම ඉවරයි...."
" හැබැයි එයා මේ දවස් ටිකේ නම් මට කරදර කරේ නෑ...."
කතාවෙන් කතාවෙන් කෙල්ලො දෙන්නම ආවෙ හන් ගඟ ගාව තියන පාක් එකට එදා ඉරිදා දවසක් වුණත් ලොකු සෙනගක් හිටියෙ නෑ ඒත් වැඩි දුර ඇවිදන් යන්න හම්බුණේ නෑ කොහෙන්දෝ ආපු තඩි බෝලයක් එලීනාගෙ ඔලුවෙ වැදුනා.......
" ආව්.....මොන......"
කෙල්ල ඔළුව අල්ලගෙන බෝලෙ ආපු පැත්තට හැරුණා. යූරාත් හොද දෙකක් කියන්න හිතාගෙන ඒ පැත්ත හැරෙද්දි...
" ඔහ් සොරි ...."
" සොරි මොන සොරිද තමුසෙලා බෝල ගහනවනම් ඒවා ගහගන්නවා බෝල වලින් මිනිස්සුන්ට ගහන්නෙ නැතුව මොන මගුලක්ද මේක නිදහසේ ඉන්න හිතන් පාක් එකට ආවහම එක එකාගෙ බෝල ඇවිත් අපේ ඔළුවෙ වදිනවා..."
යූරා එතනට බෝලෙ ගන්න ආපු පිරිමි ළමයට කෑගහද්දි එලිනා ඔළුව අත ගා ගා ඒ කොල්ලට රැව්වා.....
YOU ARE READING
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)
Fanfictionකාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙 ආදරය කියන්නෙම පරිත්‍යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්... දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...