ඒ ඇහුණ හඩට එලීනාගෙ වගේම නැම්ජූන් ගෙ අවධානෙත් ඒ පැත්තට යොමු වුණා...
" අ...අංකල් ජි....ජිමින් ....."
" ඔයා අයිස්ක්‍රීම් එක කෑවද සොරි එලී පොඩි හදිස්සියක් වුණා ඒකයි ගියෙ..."
ජිමින් කලින් ඉදන් එතන හිටියා වගේ කතා කරද්දි එලීනාගෙ ඇස් දෙක බෝල සයිස් වුණා...
" අහ් හ්‍යොන් ඔයා ආවෙ කොයි වෙලාවෙද..."
" අහ් එලීනා හිටියෙ ඔයා එක්කද ඊයෙ රෑම ලන්ඩන් වලින් පිටත් වුණා කිව්වට මං හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට එයි කියලා.."
" හනාටත් එලීනා නැතුව ඉන්න බෑ කිව්වා හ්‍යොන් ඒ නිසා මාත් ආවා අනික තව දවස් දෙක තුනකින් අපේ ගෙදර අයත් කොරියා එනවා හනාව ගෙදරින් ඇරලවලා මම එලීනව එක්කන් යන්න ආවෙ..."
ජිමින් හිනා වෙන ගමන් කියද්දි එලීනා බිම බලාගත්තා මොනා වුණත් කෙල්ල ජිමින්ට හිතින් පින් දුන්නා මේ වෙලාවෙ එතන්ට ආවට....
" අහ් ජිමින් ඔයාට මහන්සි ඇති මටත් හනාව බලන්න යන්න ඕන ඒ නිසා මම එලීනාව එක්කන් යන්නම් ඔයා ගෙදර යන්න.."
" හරි හ්‍යොන් එහනම් මම හවස් වෙලා එන්නම් කම්පැනි එකට යන්නත් ඕන. ඔන්න එලී ඔයා කියපු ලිස්ට් එක ඔක්කොම ගෙනාවා හවසට හම්බෙමුකො එහෙනම් .."
එලීනා ළගට ආපු ජිමින් කෙල්ලගෙ ඔළුව අත ගාලා හිනා වෙලා නැම්ජූන්ටත් ආචාර කරලා එතනින් යන්න ගියා ඒ එක්කම නැම්ජූන් එලීනා ළගට ආවා කෙල්ල හිටියෙ තාමත් වෙව්ලන ගමන්....
" එලීනා යමු ගෙදර යූරා ට කියලා එන්න ගිහින්..."
" ඕ...ඕකේ සැ...සැම්චොන්..."
කෙල්ල බයටම ලයිබ්‍රි එක ඇතුළට දිව්වෙ නැම්ජූන් දිහා බලන්නෙවත් නැතුව...
VOCÊ ESTÁ LENDO
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)
Fanficකාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙 ආදරය කියන්නෙම පරිත්‍යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්... දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...