නිවාඩුවත් ඉවර වුණ නිසා එලීනා ස්කූල් ආවෙ ගොඩක් සතුටින් ජින්ගෙ ගෙදරට ගියාට පස්සෙ කෙල්ලට යූරාව ගොඩක් මිස් වුණා වගේම යූරා මේ හැම ප්ලෑන් එකටම එලීනාට සපෝර්ට් කරා කෙල්ල බෑග් එකත් එල්ලගෙන ගේට් එකෙන් ඇතුළට එද්දිම කොහෙදෝ ඉදන් ආපු යූරා එලීනගෙ ඇගට පැන්නා .....
"හායි බබා...."
" යූරා අම්මෝහ් මම බය වුණා වඳුරු පැටියෙක් වගේ ඇවිත් ඇගේ එල්ලෙද්දි..."
එලීනා කටත් උල් කරන් කියද්දි යූරා ඇහිබැමි දෙක අකුලගත්තා ....
" අහ් උබට මේ ටික දවසට මාව වදුරෙක් වුණා එහෙනම් වසු පැටියා ..."
" හරි හරි මගෙ සුදු මැණික මාත් එක්ක තරහද කෝ කෝ එන්න අයි මිස් යූ යූරා..."
එලීනා හිනා වෙවී යූරාව බදාගද්දි ටික වෙලාවක් රවාගෙන හිටපු යූරාත් අනිත් පැත්තට එලීනාව බදාගත්තා...
" හරි හරී අපෝ මල කෝලම මම යාළු වෙන්නම් හැබැයි මට දෙයක් ඕනෙ .."
" මෝ ඒ මොනාද මම ගාව තියන ඕනෙම දෙයක් මම බෙස්ටා වෙනුවෙන් දෙනවා...'
එලීනා කෙල්ලගෙන් ඈත් වෙන ගමන් කියද්දි යූරාගෙ මූණෙ ඇදුනෙ කපටි හිනාවක් එලීනාට හිතුණෙම කලින් කියපු වචන ටික ඉල්ලා අස් කරගන්න....
" මට අර අරයව ඕනෙ..."
" කාවද..."
" දැන් උබව මේ ගේට් එක ළඟින් දාලා නලල ඉඹලා ගිය හැන්ඩ්සම් කොල්ලා ගැන කියන්නෙ යකූ ..."
" මෝ ...මොකක් කුකී සැම්චොන් යාහ් යූරා උබට මැන්ටල්ද..."
එලීනා ඇස් ලොකු කරන් අහද්දි යූරා කෙල්ල දිහා බලලා හුරතල් විදිහට ඇස් පිල්ලම් ගැහුවා....
" එයා හෙන හැන්ඩ්සම් බන් සන් ඔප්පාටත් වඩා හැන්ඩ්සම් වාහ් මාව පිස්සු වැටුණා යකූ හරියට හාවෙක් වගේ ඔහ් මයි ගෝඩ් ..."
" යාහ් යූරා උබ හදන්නෙ වැඩිමල් අපරාධ කරන්නද කොල්ලොන්ට පැණි හලන එක නවත්තගනින් දැන්වත් ඒ ටේහ්‍යුන් සැම්චොන්ගෙ යාළුවා "
" ඇයි බන් උබේ පවුලෙ පිරිමි පරාන ටික ඔච්චර හැන්ඩ්සම් මාවත් එක්කන් පලයන්කො උබේ ඔය ඩෑඩ්ලා සැම්චොන් ලා ටික බලන්න...."
BẠN ĐANG ĐỌC
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)
Fanfictionකාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙 ආදරය කියන්නෙම පරිත්‍යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්... දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...