මැන්ශන් එකේ විශාල ගේට්ටු ඇරෙද්දි ගාඩ්ලා හැමෝම ඇවිත් පෝළිමට හිටගත්තෙ හරියට ගල් පිළිම වගේ මැන්ශන් එක ඉස්සරහින් නවත්තපු වාහනෙන් බැහැපු කෙනා කිසිම කෙනෙක්ව ගණන් ගන්නෙ නැතුව බිම් මහලට යන්න තිබුණ උමං මාර්ගයේ දොරටුවෙන් ඇතුළු වෙනකන්ම හැම ගාඩ් කෙනෙක්ම හිටියෙ ඔළු බිමට නමාගෙන එතනින් පස්සෙ මුළු බිම් මහලෙම දෝංකාර දුන්නෙ ඔහුගෙ අඩි වල සද්දෙ විතරයි.............
" බොස්...."
" කට්ටිය රෙඩීද..."
" ඔව් ගැන්ග් එකේ හැමෝම මෙතන ඉන්නවා නැම්ජූන් බොස් යන්න කලින් මේ හැමෝටම අණ කරලා ගියෙ බොස් එනකන් අපේ ලොක්කා ඔයා කියලා..."
එතනට ආපු මිනිහා ඔළුව පාත් කරන් කියද්දි කට කොනින් හිනා වුණ තරුණයා අත් දෙකත් පිටිපස්සට බැදගෙන ඉස්සරහින් හිටගත්තෙ බේස්මන්ට් එකේ හිතාගන්නවත් බැරි තරම් විශාල ශාලාව පිරෙන්න හිටපු නැම්ජූන් ගෙ ගැන්ග් එකේ හැමෝටම පේන්න ඒ එක්කම හැමෝම හිස නමලා ඔහුට ආචාර කරා....
![]()
Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego. " හරි මාව අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕනෙ නැතුව ඇතිනෙ මම තමයි ජී එම් කිම් නැම්ජූන් ගෙ දක්ෂම මල්ටි ටැලන්ටඩ් මෙම්බර් හැමෝම අහලා ඇති මං ගැන මම තමයි නැම්ජූන් ගෙ පිටරට තියන හැම බිස්නස් එකක්ම පාලනය කරන්නෙ මෙච්චර කල් ඔයාලා ඉස්සරහට එන්නෙ නැතුව හිටපු ඒත් නම ඇහුවත් මාෆියා ලෝකෙ හෙල්ලිලා යන ජී එම් ඒ මම ...."
එහෙම කියපු ජී එම් වියරුවෙන් හිනා වෙන්න ගද්දි ගැන්ග් එකේ මිනිස්සු ඒ දිහා බලලා ආයෙම බිම බලාගත්තේ බයේ වෙව්ලන ගමන්....
" උබලා හැමෝම දන්නවා බොස් මෙහෙ නෑ කියලා මේ ඇති වෙලා තියන ප්‍රශ්නෙ නිසා මට උබලා ඉස්සරහට එන්න වුණා ඒ වගේම මේ ගැන හොයන්න මම උබලාගෙන් හොදම උන් ටිකව පත් කරනවා දවසක් දෙන්නම් මට කොහෙන් හරි කිම් හනා ගැන තොරතුරක් ඕනෙ නැත්තම් උබලා ඔක්කොම මැරෙන්න ලෑස්ති වෙයල්ලා..."
![](https://img.wattpad.com/cover/340169221-288-k719693.jpg)
CZYTASZ
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)
Fanfictionකාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙 ආදරය කියන්නෙම පරිත්‍යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්... දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...