EPISODE 47 ( Last episode ) 💙💫

376 40 185
                                    

" හරි හරි දැන් ඔය අඩන එක නවත්තලා ඇතුළට යන්න ඊයා මාෆියා ලීඩර් අඩනවා දැක්කොත් රට්ටු හිනා වෙයි..."

හෝසොක් කියද්දි ජින් හිනා වෙවී කදුළු පිහදගත්තා...

" විනාඩි පහයි දෙන්නෙ ප්‍රයිවට් දේවල් තියනවනම් කතා කරගන්න මට ඉක්මන්ට නූනව බලන්න ඕනෙ..."

ටේහ්‍යුන් කියද්දි ජින් හිනා වෙවී රූම් එක ඇතුළට ගියා ඒ යද්දිත් හනාට සිහිය ඇවිල්ලයි තිබුණෙ කෙල්ල ඇස් වල කදුළු පුරවගෙන ඇද ඇන්දට හේත්තු වෙලා කල්පනා කරමින් හිටියා...

" බබා...."

" ජි..ජින් අනේ ඔප්පා එයා මාත් එක්ක තරහ වෙලා..."

ජින් ඇදේ වාඩි වෙද්දි හනා අඩාගෙන කොල්ලගෙ පපුවට තුරුල් වුණා.හනා හොදින්ම දන්නවා තමන්ගෙ මුරණ්ඩු ඔප්පාගෙ හැටි ඇය බය වුණා නම්ජූන් ආපහු එන එකක් නෑ කියලා....

" ඒයි මෝඩ කෙල්ල ඔය අඩන එක නවත්තගන්නවා නම්ජුනා තව ටිකකින් එයි මේ අහන්නකො "

ජින් හනාව තමන්ගෙන් ඈත් කරලා බඩ උඩින් අත තියද්දි හනා පුදුමෙන් බඩ දිහා බලලා ජින් දිහා බලද්දි කොල්ලා හිනා වුණා...

" ජි...ජින් මං...."

" ඔව් හනා ඔයා ප්‍රෙග්නට් මගේ පවුලට තව බටු ඇටයක් එන්නයි හදන්නෙ.."

" අනේ දෙයියනේ..."

සතුට වැඩි කමට අත් දෙකෙන්ම බඩ අල්ලන් හනා කදුළු සලන්න ගත්තෙ ජින් ආපහු ඇයව තුරුලට ගද්දි....

" මේ පාරනම් ඔයාවයි මේ පැටියවයි අපේ ලොකු බබාලා දෙන්නවයි මගේ ඇස් මායිමේ තියාගෙන පරිස්සම් කරනවා එතකොට ඔයාගෙ ඔප්පට වුණත් බෑනෙ මට මුකුත් කියන්න නම්ජුනා වැරදි නෑ ඌ ඔයාගෙ සහෝදරයා මම කරපු වැරදි නිසා මගෙ හොදම යාළුවා වත් මම නැති කරගත්තා ඌ මට සමාව දෙනකන් මම මේ වැරදි හදාගන්නවා මේ පැටියා නිසා මට ඒකට අවස්ථාව හම්බුණා කුමවෝ මගෙ මැණික අඩුවක් නැතුව මට ආදරේ කරාට මාව විශ්වාස කරාට මේ පාරනම් කිසිම වැරැද්දක් වෙන්න නෑ..."

හනාට ටිකක් රෙස්ට් කරන්න කියලා ජින් ටික වෙලාවක් කෙල්ලගෙ ඔළුව අතගාමින් හිටියා කෙල්ලට සතුටු හිතුණා තමන් ජින්ට අවස්ථාවක් දෙන්න ගත්ත තීරණේ ගැන මේ අතරේ ටේහ්‍යුන් එක්ක රූම් එක ඇතුළට ආවෙ සෙලීනයි එලීනයි. කෙල්ලො දෙන්නා දුවගෙන ඇවිත් හනාගෙ බඩට කිස් දීගෙන දීගෙන ගියෙ හනා නැගිටලා ඇද වියනට හේත්තු වෙද්දි....

*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)Where stories live. Discover now