ඒ එක්කම සෙලීනාගෙ අවධානය ගියෙ ගේ ඇතුළට ආපු අනිත් කෙනා දිහාට බය වුණ පාර කෙල්ල වාඩිවෙලා හිටපු තැනිනුත් නැගිට්ටා...
" සන් හ්‍යුක් ඔයා ...."
" ඔහ් හායි සෙලීනා ඔයා මෙහෙ නේද මට ඒක අමතකත් වුණා..."
" ඒත් ඔයා කොහෙද මෙහෙ ඔය දෙන්නා..."
" ඒයි මැට්ටි සන් හ්‍යුක් මගේ පොඩි කාලෙ ඉදන් යාළුවා අපි දෙන්නම ඇමරිකා ඉද්දි ඉගෙන ගත්තෙ එකට ඇයි මොනා හරි ප්‍රශ්න තියනවද.."
ජීහන් මැද්දෙන් පැනලා ලොකු ටෝක් දෙද්දි සෙලීනා කොල්ලට රවලා සන්හ්‍යුක්ගෙ පැත්තට හැරුණා...
" සන් හ්‍යුක් මම ඔයාව හම්බෙන්නමයි හිටියෙ..."
සන්හ්‍යුක් සෝෆා එකෙන් වාඩි වෙද්දි සෙලීනත් ඒ ඉස්සරහින් වාඩි වුණේ ලොකු කතාවකට මුල පුරලා...
" මොකද්ද..."
" එලීනාගෙන් ඈත් වෙන්න එයාට ලං වෙන්න යන්න එපා..."
සෙලීනාගෙන් මේ වගේ කතාවක් කොල්ලා කීයටවත් බලාපොරොත්තු වුණේ නෑ...
" ඇයි එහෙම කියන්නෙ.."
" ඇයි ඔයාට එලීනාට ලං වෙන්න උවමනාවක් තියනවද..."
" අ..අනී මට වෙන කෙල්ලො නෑ කියලා හිතුවද.."
" අහ් ඒක මිසක් අද ස්කූල් එකේ හැමතැනම කතා වෙනවා ඔය දෙන්නා ඩේටින් කියලා ඒක එහෙම උනොත් එලීනාට තමයි ප්‍රශ්න වෙන්නෙ ඔයා දන්නවා එලීනා අහිංසකයි ඒකෙන් ළමයි අයුතු ප්‍රයෝජන ගනී..."
සෙලීනා කියද්දි ටිකවෙලාවක් හිස් බැල්මකින් ඒ දිහා බලන් හිටපු සන්හ්‍යුක් කට කොනින් හිනා වෙද්දි කෙල්ලට තරහා ගියා...
" අම්මෝහ් ඒ සහෝදර ප්‍රේමය නේද සන්හ්‍යුක් ..."
" අනේ තමුසෙ කටවහන් ඉන්නවා මැද්දෙන් පනින්නෙ නැතුව මේක අපේ ස්කූල් එකේ ප්‍රශ්නයක්.."
ජීහන් එහෙන්ම කටපියාගත්තා...
" ඒක තමයි ජීහන් කියන කතාව හරි ඔයා කවදා ඉදන්ද ඔයාගෙ නිව්න් සහෝදරී ගැන මේ තරම් වද වෙන්න ගත්තෙ..."
" ඉස්සර දේවල් මෙතන්ට අදාළ කරගන්න එපා සන්හ්‍යුක් ඔයා හොදටම දන්නවා අපේ පවුලෙ තිබ්බ ප්‍රශ්න..."
YOU ARE READING
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)
Fanfictionකාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙 ආදරය කියන්නෙම පරිත්‍යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්... දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...