EPISODE 14💙💫

174 35 14
                                    

නම්ජූන් එන්න ටිකක් ලේට් වෙනවා කියපු නිසා හනා ගාඩ් ලත් එක්ක ගෙදර ආවෙ ජිමින්ට වගේම එතන හිටපු හැමෝටම සමුදීලා ජින් කරපු වැඩේ නිසා කෙල්ල හිටියෙ දෙලොවක අතරමං වෙලා මෙච්චර කාලෙකට තමන්ගෙ ඇස් ඉස්සරහටවත් ආවෙ නැති ජින් එකපාරට එහෙම දෙයක් කරයි කියලා හනා කීයටවත් හිතුවෙ නෑ සිතුවිලි වල අතරමං වෙලා කා එකෙන් බැහැල ගව්මත් උස්සගෙන ගේ ඇතුළට ආපු කෙල්ල හරි සිහියට ආවෙ එලීනා කෑගහගෙන ලගට දුවන් එද්දි......

" ඔම්මා ඔයා ආවාද හොබී සැම්චොන් මෙන්න ඔම්මා ඇවිල්ලා..."

එලීනා දුවගෙන ඇවිත් හනාට තුරුල් වෙද්දි හොබිත් කිචන් එක පැත්තෙ ඉදන් ඒ පැත්තට ආවා.....

" මගේ පැටියා ඩිනර් එක ගත්තද..."

" ඔව් ඔම්මා අද හොබී සැම්චොන් තමයි කෑම හදුවේ අම්මෝ මාර රසයි බඩ පැලෙන්න කෑවා..."

එලීනා කියද්දි හනා හෝසොක් දිහා බලලා මද සිනහවක් පෑවා අවුරුදු ගානක ඉදන් හනාගෙ පුංචි හැසිරීමක් පවා නැම්ජූන්ටත් වඩා හොදින් දන්න හෝසොක්ට කෙල්ලගෙ මූණෙ තියන කලබලකාරී ඉරියව් අදුරගන්න වැඩි වෙලා ගියෙ නෑ......

" ඔම්මා කොහොමද අද පාටි එක බලන්නකො හැමතැනම ඔයා ඉන්නවා ටීවී එකෙත් ඔයාව පෙන්නුවා ඔයා ගොඩක් ලස්සනයි ඔම්මා..."

" කුමාවෝ මැණික එතන කියන්න තරම් ලොකු හොදක් නෑ ඔයා දන්නවනෙ එලී මම ඒ වගේ දේවල් වලට කැමති  නෑ කියලා..."

" ඔම්මා එතකොට අර ඔයා මට කිව්වෙ සැම්චොන් ඔයාට ප්‍රපෝස් කරා කියලා එයා එක්කද ඔයා අර පාටි එකේ හිටියෙ පාක් ජිමින් කියන්නෙ එයාටද මට හොබී සැම්චොන් කිව්වා ඒ ඉන්නෙ එයා කියලා වාව් අංකල් ජිමින් ගොඩක් හැන්ඩ්සම් ..."

එලීනා හනාගෙ අතේ එල්ලි එල්ලි කියද්දි හනා හිස් බැල්මකින් ඔහේ බලන් හිටියා එලීනා කැමති නෑ තමන්ගෙ අප්පගෙ තැන වෙන කෙනෙක් ගන්නවට ඒත් මොනා කරන්නද හොබී සැම්චොන් කිව්ව විදිහට ඔම්මගෙ ජීවිතේට කාගෙ හරි හයියක් ඕනෙ ඔම්මා හැමදාම මෙහෙම තනි වෙලා ඉන්නවට එලීනා කැමති නෑ ඉතින් කෙල්ල අකමැත්තෙන් හරි හෝසොක්ගෙ බස් වලට එකග වුණා.....

*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)Where stories live. Discover now