සෙලීනා අඩ අඩා මුළු මැන්ශන් එකටම ඇහෙන්න කෑගහද්දි පඩි පෙල බහිමින් හිටපු ජින් එහෙම්ම නතර වුණා.....
" ජිනා අපි යමු නේද "
යුන්ගි බය වුණා ජින් ආපහු හැරිලා සෙලීනා ගාවට ගියොත් කෙල්ලගෙ හිත තවත් රිද්දයි කියලා ඒත් එක්කම එතන්ට ටේහ්‍යුන් දුවගෙන ආවා...
" යුන්ගි හ්‍යොන් මොකද වුණේ ඇයි සෙලී අඩන්නෙ..."
ජින්ගෙන් අහන්න බැරි කමට ටේහ්‍යුන් යුන්ගිගෙන් අහද්දි කොල්ලා ඇස් වලින් ජින්ව පෙන්නලා ඔළුව හෙළව්වා....
" ටේහ්‍යුන් ගිහින් සෙලීනව බලනවා මගෙ ඇගේ හැප්පිලා වැටුණා අමාරුවක් තියනවනම් ඩොක්ටර් ට කතා කරනවා..."
නොහිතපු විදිහට ජින් කියපු දේවල් විශ්වාස කරන්න අමාරු වෙද්දි ටේහ්‍යුනු යි යුන්ගි යි දෙන්නම පුදුම වුණා...
" හ...හරි හ්‍යොන් මං බලන්නම්.."
ටේහ්‍යුන් කියද්දි ජින් මුකුත් නොකියා එතනින් යන්න ගියෙ යුන්ගිත් ඒ පස්සෙන් යද්දි ඒ එක්කම ටේහ්‍යුන් දුවගෙන ගියෙ බිම ඉදගෙන අඩන සෙලීනා ලගට.....
" මගෙ මැණික මොකද මේ කෝ බලන්න අංකල් දිහා..."
සෙලීනගෙ ඉස්සරහින් බිම වාඩි වෙන ගමන් ටේහ්‍යුන් කෙල්ලගෙ නිකටෙන් අල්ලලා මූණ ඉස්සුවා ඒ චූටි කම්මුල් දිගේ පහළට ගලන කදුළු බිංදු එක්ක මූණ රතු වෙලා තියනවා දැකපු ටේහ්‍යුන් ගෙ හිතට දැනුනෙ කියාගන්න බැරි වේදනාවක්..
" ශ්......මගේ මැණික අඩන්න එපා රත්තරන් ඔයා අංකල්ගෙ පන ටිකනෙ කෝ හොද බබා වගේ අඩන එක නතර කරන්න ඔයා මගේ ගුඩ් ගර්ල් නේද...."
සෙලීනා එක්ක එකතුවෙලා මොන විදිහෙ නසරානි වැඩ කරත් ටේහ්‍යුන් කියන්නෙ කෙල්ලගෙ සැම්චොන් ටේහ්‍යුන් අකමැතිම දේ සෙලීනගෙ ඇස් වල කදුළු දකින එක කාම්මුල පුරාම තියන කදුළු බිංදු පිහදාපු කොල්ලා හිමීට කෙල්ලව පපුවට තුරුල් කරගද්දි සෙලීනා ටේහ්‍යුන් ගෙ ශර්ට් එක හයියෙන් තද කරලා අල්ලගත්තා....
VOCÊ ESTÁ LENDO
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)
Fanficකාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙 ආදරය කියන්නෙම පරිත්‍යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්... දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...