Chapter 2

1.5K 260 55
                                    

චස්......

ඊයේ රෑ හරියට නින්ද ගියේ නැති හින්දම අද මට උදේ ඇහැරෙන්න පරක්කු වුනා.වෙනදා කාමරේට ඉර එලිය වැටෙනවත් එක්කම ඇහැරෙන මං අද කාමරේට ඉර එලිය වැටිලත් ඇහැරෙන්න අදිමදි කලේ තාමත් අභිනාශ්ගේ පෙම්වතා ගෙදර ඉන්න හින්දා.ඒත් මට එහෙම වැඩි වෙලා ඉන්න බැරි වුනා.

ලාවට පිය වෙලා තිබුන මගේ ඇස් කලබලෙන් ඇරුනේ මූනට වැදුන සිතල වතුර පාරකට.කලබලෙන් මං නැගිටිද්දී මං දැක්කේ මේසේ උඩ තිබුන වතුර වීදුරුවත් අතේ තියන් තරහෙන් මං දිහා බලන් ඉන්න අභිලාශ්ව.

"උබට නැගිටින්නත් දැන් ඇද ලගට ඇවිත් බුලත් දෙන්න ඕනේද?පලයන් ගිහින් මටයි ටියාන් ටයි breakfast හදපන්.අපිට යන්න පරක්කු වෙනවා"

"හ..හරි මහත්තයා මං ඉක්මනට හදන්නම්"

මට breakfast හදන්න කිව්ව අභිලාශ් කාමරෙන් යද්දී මං ඉක්මනට bathroom එකට ගිහින් මුණ හොදන් උදේට කන්න හදන්න ආවා.මේක සාමාන්‍ය දෙයක්.කලින් දවසේ අභිලාශ් ගේන අභිසාරිකාවන්ට මං ඊලග දවසේ උදේට කෑම හදන එක.

ටියාන්.හරියටම කිව්වොත් අභිලාශ්ගේ හොර අඹුව වගේම secretary.මං මේ ගෙදර වැඩිපුරම ගුටි කන්න හේතුව.ටියාන් හැම තිස්සෙම උත්සහ කලේ මට රිද්දන්න.එයා දැනන් හිටියා මට මං වෙනුවෙන්වත් කතා කරන්න හයියක් නැති විත්තිය.ඉතින් හුගක් වෙලාවට බොරු හේතු මවන් අභිලාශ් ලගට යන ටියාන් නිසා මං අනන්තවත් අභිලාශ්ගෙන් ගුටි කාලා තියෙනවා.

"ආආ darling good morning"

"good morning ටියාන්"

"බලන්නකෝ අනේ මේ අභිගේ වැඩ මං එපා කියද්දීත් බෙල්ලේ හයිකීස් තිබ්බනේ.ඔයා ලග නැද්ද ඒවා වහන්න පුළුවන් මොනා හරි.මේ අභිගේ දග වැඩනම්"

"මං බලන්නම් ටියාන්"

මට රිදෙන බව දැන දැනම ඊටත් වඩා මට අභිලාශ්ගේ ජිවිතේ තියෙන තැන මතක් කරන්න ටියාන් හැමදාමත් ඔයවගේ කතා අනන්තවත් මට කිව්වා.දැන් දැන් මං ඒ දේවල් වලට පුරුදු වෙලා හින්දා මං සද්ද නැතුව කියන දෙයක් අහගෙන හිටියා.

"අනේ නිවේද් මට tea එකක් හදලා දෙන්නකෝ"

"හදලා තියෙන්නේ ටියාන් මං ගේන්නම්"

Divorce Papers ✔️Where stories live. Discover now