නඩුවෙන් පස්සේ කසාදෙ කියන හිර ගෙදරින් නිදහස් උන නිවේද් විදිහට මං අලුත් දවසකට ඇස් ඇරියා.අභි උදේ පාන්දරම මං නිදියන් ඉද්දි මගේ ඇද ලගට ඇවිත් මට ඩියුටි යනවයි කියලා ගිය නිසා මං ඈලි මැලි කඩලා ඇදෙ ඉදන්ම ෆෝන් එක අතට ගත්තේ මගේ චුටි මැණිකට කෝල් එකක් දෙන්න.
දොනිටත් කතා කරලා අම්මටයි පුන්චිටයිත් කතා කරලා මං බාප්පට කෝල් එකක් ගත්තේ එයා මට එයාට කෝල් එකක් ගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා දකිද්දියි.
"hello ආශු"
"කියන්න බාප්පේ"
"හෙට අභි එක්ක ඔෆිස් යන්න ලැස්ති වෙන්න.මං හිතන්නේ ඔයා හැංගිලා හිටියා හොදටම ඇති.ඩිවෝස් එකත් තියෙන නිසා දැන් ඔයාට ඊලග ස්ටෙප් එකට යන්න පුළුවන්"
"ඒත් බාප්පේ ඇයි අභිනාශ් එක පාරටම ඩිවෝස් එක දෙන්න කැමති උනේ අනික මං කොහොමද එක පාරටම එහෙම ඔෆිස් යන්නේ එතකොට අභිනාශ්ගේ අම්මලා වගේම ලොකු අම්මලා"
"මං ඌත් එක්ක ඩිල් එකක් ගැහුවා.කරදර වෙන්න එපා මං ඌ ආපහු ඔයාට අතක් වත් තියන්න ඉඩ තියන්නේ නෑ.මං පොරොන්දු වෙනවා.ඒ වගේම ආන්වියි සිරිලුයි දැන් වැරදිලාවත් ආයේ ලංකාවට එන්නේ නෑ.උන් නැති නිසා ජගත් ට උනත් සිද්ද වෙන්නේ වෙන දෙයක් බලන් ඉන්න.ඉතින් දැන් හොද ළමයා වගේ හෙට දවසට ලැස්ති වෙන්න.බයවෙන්න එපා ආශු හෙට ඔයාගේ ජිවිතේ විශේෂ දවසක් වෙයි අනිවාර්යෙන්ම"
"ඕකේ බාප්පේ"
කෝල් එක කට කරාට පස්සේ මං කල්පනා කලේ දැන් මොකද කරන්නේ කියලා.බාප්පාගේ පණිවිඩේ අභිටත් මැසේජ් එකකින් යවලා.ආයෙමත් මං ඇදට වැටුනේ හෙටින් පටන් ගන්න මගේ වෙනස්ම ජිවන රටාව ගැන කල්පනා කරන ගමන්.
.
.
"ඔයා ready ද සුදු"
"ම්ම්ම්ම් ඒ උනාට මගේ හිතට හරි නෑ අභි"
"ගොඩක් ස්ට්‍රෙස් ගන්න එපා.ඔයත් එක්ක මං ඉන්නවා හැමවෙලේම"
"ම්ම්ම්ම් මං දන්නවා"
පාකින් ඒරියා එකේ කාර් එක ඇතුලට වෙලා හිතේ දෙගිඩියාවෙන් හිටපු මගේ අතක් තද කරන ගමන් ඩ්‍රයිවින් සීට් එකේ හිටපු අභි කියද්දී මං ලොකු හුස්මක් අරන් මගේ ඇස් ඉස්සරහා තිබ්බ තට්ටු ගානක් උස බිල්ඩින් එක දිහා බැලුවා.