නිවේන් යශ්මික, එහෙමත් නැත්නම් සල්ලිකාර තත්තෙක්ගේ පුංචි පහේ සෙල්ලක්කාර පුතෙක්.දක්ෂ ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක් උන නිවේන් කියන්නේ එයාගේ කැම්පස් එකේ විතරක් නෙමෙයි අවට ටවුන් එකෙත් ප්රසිද්ද චරිතයක්.
සුපර් හැන්ඩ්සම් පට්ටම ආඩම්බර කාර කොල්ලෙක් විදිහට තමයි කවුරුත් නිවේන්ව දැක්කේ.ඉතින් එක පැත්තකින් ගත්තම ඒක ඇත්ත තමයි.ඒත් අනිත් පැත්තෙන් ගත්තම නිවේන් කියන්නේ හිත හොද කොල්ලෙක්.
ඉපදෙද්දීම අම්මා නැති උන නිසාම නිවේන් වගේම එයාගේ මල්ලිත් හැදුනේ වැඩුනේ සවන්ට්ස්ලා එක්කයි.තාත්තට උනත් එයාලා වෙනුවෙන් වෙන් කරන්න එහෙමටම ලොකු කාලයක් තිබුනේ නැති නිසාම නිවේන් හැදුනේ සෙල්ලක්කාර විදිහටයි.
ඒත් එහෙමයි කියලා නිවේන් කවදාවත් හිතක් පපුවක් නැති විදිහට වැඩ කලේ නෑ.නිවේන්ට තිබුනේ හරි ලස්සන හදවතක්.විශ්වාස කරන්න නිවේන් එයාගේ හැම උපන්දිනයක්ම සමරුවේ අනාත නිවාසෙක නැත්තම් ඉස්පිරිතාලෙක එහෙම නැතුව ක්ලබ් එකක නෙමෙයි.
කොහොම උනත් සල්ලියි පෙනුමයි දෙකම තිබ්බ නිවේන්ට කෙල්ලන්ගෙන් නම් අඩුවක් පාඩුවක් තිබුනේ නෑ.නිවේන් යන්නේ කොහෙද කෙල්ලෝ කාන්දම් වගේ නිවෙන්ගේ පස්සෙන් එනවා.
ඒත් නිවේන් නම් කවදාවත් ඒ එක කෙල්ලෙක් දිහාවත් ඇහැක් ඇරලා බැලුවේ නෑ.මොකද නිවේන් දැනන් හිටියා ඒ හැමෝම එන්නේ නිවෙන්ගේ පෙනුමටයි සල්ලි වලටයි කියන්න.ඉතින් නිවේන්ට කෙල්ලෝ කියන්නේ ඇලජික් ජාතියක් උනා.
ඒත් දවසක් නිවෙන්ගේ ඒ අදහස වෙනස් උනා.එදා කැම්පස් එකේ පිකට් එකක්.ඔය වගේ වැඩවලදී උඩින්ම ඉන්න කෙනෙක් තමා නිවේන් කියන්නේ.ඉතින් නිවේන් පිකට් එකට ගියාට මොකද ආවේ නම් අම්බානෙකට ගුටිකාලයි.කොහොම හරි පොලීසියෙන් නෙලපු නෙලිල්ලේ ඉස්තරම් බව කොච්චරද කියනවනම් නිවේන්ව අදුර ගන්න එයාගේ හොදම යාලුවා උන සිරිල්ටත් බැරි උනා.
ඉතින් එහෙම අවස්තාවක අර නිවේන්ට තිබුන පුජනිය සැලකුම් ඔක්කොම නැති වෙලා යද්දී නිවේන් කැම්පස් එකේ මෙඩිකල් එකෙන් බෙහෙත් දානකන් ගුටිකාපු අනිත් අයත් එක්ක මෙඩිකල් රුම් එකේ ඔහේ බලන් හිටියා.