එදා අභිනාශ් අපේ ගෙදර ආපු දවසේ උදේ මං ගෙදරින් ගියේ ඔයාව ලන්ඩන් එක්කන් යන්න පාස්පෝට් ලෑස්ති කරන්න.ඒත් මං හිතන්නේ මං පරක්කු වැඩි මං සීයට අකීකරු උන නිසාම සියා අභිනාශ්ට ඔයා ඉන්න තැන කියලා තිබුනා.ඉතින් ඊලග දවසේ ඔයත් එක්ක වෙනම ලෝකයක් හදන් යන්න බලන් ආපු මට දකින්න ලැබුනේ මං මේ තාක් හදපු ඒ ලෝකේ කඩන් වැටිලයි කියලයි.
ඔයාව අරන් ගියේ අභිනාශ් කියලා මගේ සීයම මට කියද්දී මට දැනුනේ මගේ සියා ගැනත් තරහවක්.පස්සේ මං ඔයාව හොයන් ආපහු ගියත් එදා එතන හිටියේ මං දැනන් උන්න නිවේද් නෙමෙයි.ඒත් ඔයා එදා මොනතරම් දේවල් කිව්වත් ඔයාගේ ඇස් වලට බැරි උනා ඔයාට බොරු කරන්න නිවේද්.
ඉතින් මං හොයලා බැලුවා.මාව එපා කියලා අභිනාශ්ව ඕනේ කියන්න තරම් ඔයාට තිබුන හේතුව මොකක්ද කියලා.එතකොට තමා මං දැනගත්තේ ඔයාගේ අම්මා ජිවතුන් අතර කියලා.ඒක දැනගත්ත ගමන් මං කලේ ඒ ගැන ඔයාගේ බාප්පට කියලා යවපු එකයි.
ඒ වගේම මං ඒ සැරේ මං ගැන නොහිතා ඔයා ගැන හිතුවා මට තේරුනා මං ආත්මාර්ථකාමී වෙලා ඔයාගේ ජිවිතේ එක්කයි මේ සෙල්ලම් කරලා තියෙන්නේ කියලා ඉතින් මං පුරුදු විදිහටම කවුද කියලා හොයන්න බැරි වෙන්න ඔයා ඉන්නේ අභිනාශ්ගේ ගෙදර කියලා එයාලව දැනුවත් කළා.
ඒත් එයාලට ඔයාව එලියට ගන්න චාන්ස් එකක් එනකන් බලන් ඉන්න උනා.ඉතින් අන්තිමේදී එදා අභිනශුයි ටියානුයි එකතු වෙලා ඔයාව hospital අරන් යද්දී මං කාටත් නොදැනෙන්න ඔයාගේ පස්සෙන් ආවා.
අනේ මට සමාවෙන්න නිවේද්.එදා උන් ඔයාව අරන් ගියේ අපේ දරුවාව අබෝෂන් කරන්න කියලා මං දැනගත්තේ දැන් ටිකකට කලින් අභිනව් කියද්දියි.සත්තයි එදා මං ඒ ගැන දැනන් හිටියනම් මං ඔයාව එච්චර අසරණ කරන්නේ නෑ.ඒත් එදා මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.
මට ඕනේ උනේ නෑ අයෙ ඔයාගේ ජීවිතේට ඇවිත් ඔයාගේ ජිවිතේ විනාස කරන්න.ඒ වෙනුවට මට ඕනේ උනේ ඔයාව ඔයාගේ පවුල ලගට යවන්න.ඒ හින්දයි එදා ඔයා hospital එකෙන් පැනලා එද්දී ඔයා ඉස්සරහට නෑවිත් ගෑනු කෙනෙක් ලව්වා ඔයාට සල්ලි දුන්නේ.
ඔයා මං හිතපු විදිහටම මාව හොයන් මාතලේ යද්දී මමත් ඔයාගේ පිටිපස්සෙන් ඒ බස් එකට නැග්ගා.ඒ කරලා ඔයා මාතලෙන් බැස්සට පස්සේ ඔයාගේ බාප්පට පණිවිඩේ දුන්නා ඔයා ඉන්න තැන කියලා.ඒ කරලා මං ආපහු කොලබට යන්න ගියා.