Chapter 18

1.1K 188 19
                                    

හිතේ තියෙන වේදනාව හෝදන් යන්නද මන්දා එක දිගට මොර සුරන වැස්සක් කඩන් වටෙද්දී මං කාමරේ බැල්කනි එකට වෙලා හුලගත් එක්ක ගහන් එන වැහි හිරිකඩට තෙමුනා.මට ඔයාට මේ තරම් රිදවන්න ඕනේ කලේ නෑ අභිලාශ් ඒත් මේ වෙලේ මං අන්ත අසරණයි.

හැම පැත්තෙන්ම මං බැදීම් නිසා හිර වෙලා.අභිනාශ් කිව්ව දේ ඇත්තනම් තව දුරටත් මං කාත් කවුරුවත් නැති එකෙක් නෙමෙයි.එදා මං මාතලෙන් ආපහු මෙහෙ ආවත් මගේ හිතේ කොනක බලාපොරොත්තුවක් තිබුනා ඔයා අනිවාරෙන් ඇවිත් මාව මේ අපායෙන් එක්කන් යයි කියලා.

ඒත් බලාපොරොත්තු උනා වගේම ඔයා ආවත් මට ආපහු හැරෙන්න බැරි වෙන්න ඒ වෙද්දීත් අභිනාශ් මාව හිර කරලා ඉවරයි.මං දන්නේ නෑ ඇයි අභිනාශ් මේ දේවල් කරන්නේ කියන්න ඒත් අභිනාශ් අල්ල ගත්තේ මං අසරණම වෙන තැනක් අභිලාශ්, ඉතින් ඔයාගේ නිවෙද්ට සමාවෙන්න මේ විදිහට මගින් හැරෙන්න උනාට.

මොකද මට ඔයා වගේම එයත් ජිවත් වෙනවා දකින්න ඕනා.

.

.

දවස් ගෙවිලා සතියකුත් ඉවර උනා.අභිලාෂ්ට උනේ මොනාද කියලවත් මට දැනගන්න විදිහක් නෑ.අභිනාශ් කිව්වේ අභිලාශ් ආපහු මැරේජ් එකට ලන්ඩන් ගියා කියලයි.මං හිත හදා ගත්තා කොහොමත් මං දැක්කේ කවදාවත් හැබෑ නොවන හීනයක් විතරයි.

ආයෙමත් මං පුරුදු විදිහට අභිනාශ්ගේ ගෙදර වැඩකාරයා උනා.ඒත් එක වෙනසක් තිබුනා තව දුරටත් අභිනාශ් මගේ ඇගට අතකවත් තිබ්බේ නෑ ඒ වෙනුවට එයා මගේ ඉස්සරහම ටියාන්ව ගෙදර ගෙනත් නවත්ත ගත්තා.

ඉස්සර වගේ ටියාන් මට වද දුන්නත් අභිනාශ් මට අත උස්සන්න ආවේ නෑ.හේතුව නොදන්නවා උනාට අභිනාශ් හැසිරුනේ මං එයාගේ කසාද මිනිහට වඩා දැන් මේ ගෙදර වැඩ කාරයා විදිහටයි.

"ඕයි නිවේද්....නැගිටපන්.අපිට පරක්කු වෙනවා ඉක්මනට උදේට කන්න මොනාහරි හදපන්."

නිදාගෙන හිටපු මට කාමරේ දොර ලගට ඇවිත් කතා කරපු ටියාන් යන්න ගියා.දවස් දෙක තුනක ඉදන් ඔලුවට දැනෙන තොන්තුවයි ඇගට දැනෙන පණනැති ගතියත් එක්ක නැගිට්ට මං බිත්තියට වාරු වෙලා bathroom එකට ගිහින් මුණ කට හෝදගෙන කුස්සියට ආවා.

Divorce Papers ✔️Where stories live. Discover now