සති දෙකක් හරිම සාමාන්‍ය විදිහට ගෙවිලා ගියා.එදා මං මගෙන්ම මං අභිලාශ්ට ආදරේ කරනවද කියන ප්‍රශ්නේ අහපු දවසේ මට එක දෙයක් තේරුණා.ඒ කාන්තාරෙට හදිස්සියේ ආපු වැහි පොදක් වගේ මගේ ජීවිතේට ආපු අභිලාශ්ට මං මටත් නොදැනීම ලං වෙන්න පටන් අරන් කියන එකයි.
ඒත් මගේ ජිවිතේ මේ වෙද්දී ආයෙමත් හදා ගන්න බැරි විදිහට විනාස වෙලා ඉවරයි.ඒ ඇරත් මං කසාද බැදපු කෙනෙක්.ඉතින් මට කොහෙන්ද අභිලාශ්ට ලං වෙන්න අයිතියක්.අකමැත්තෙන් උනත් මට සිද්ද වෙන්නේ මගේ හිතේ හැගීම් උපන් ගෙයිම මරලා දාන්නයි.
ඒත් ඒක හිතන තරම් ලේසි නෑ.මේ ගෙවුන සති දෙක පුරාවටම අභිලාශ් මට පුදුම විදිහට ලං උනා.එදා ඉස්සලම දවසේ මං දැක්ක අභිලාශ්ට වඩා හුගක් වෙනස් කෙනෙක් අද වෙද්දී මාත් එක්ක හිටියා.අභිලාශ් මං වෙනුවෙන් දහසක් දේවල් කරද්දී මං ගැන මටත් වඩා වද වෙද්දී මට අහන්න හිතුනත් මේ හැමදේම කරන්න හේතුව මං බයවුනා.
මං එහෙම ඇහුව දාට අභිලාශ් ඒ බැදීමට මොන විදිහේ නමක් දෙයිද කියන්න මං බය වුනා.මොකද මං වගේ නෙමෙයි අභිලාශ්ට ගෙවන්න සම්පුර්නයේම ලස්සන ජිවිතයක් ඉතුරු වෙලා තියෙනවා.
"මොනාද හදන්නේ"
"ඉදිආප්ප"
"ඇයි එක පාරටම"
"ඊයේ කන්න ආසයි කිව්ව නේ"
"ම්ම්ම්"
මං කුස්සියට වෙලා රෑට කන්න හද හද ඉද්දි අභිලාශ් මගේ පිටිපස්සෙන් හිටන් මගේ උරහිසට උඩින් බලලා මොනාද හදන්නේ කියලා ඇහුවා.ඉස්සරනම් එයා ඔය වගේ වැඩ කරද්දී මං ගැස්සුනත් දැන්නම් මට ඒක හොදටම හුරු වෙලා.
"වැඩ ඉවරයිද අභිලාශ්"
"ඔව් නිවේද් දැන් සියා පපාට call එකක් ගන්න ඕනේ"
"ඔයා අරන් එන්න.තව ටිකකින් මේක ඉවරයි.මං කන්න කතා කරන්නම් එතකොට"
ඇත්තටම මේ ගෙවිච්ච සති දෙක මගේ ජිවිතේ ලස්සනම සති දෙක.මොකද මට මං ජිවත් වෙනවා කියලා දැනුනේ අභිලාශ් ලගදි.ඇත්තටම මං දවසට සිය දහස් වාරයක් පැතුවා.ඇයි අභිනාශ්ගේ තැන අභිලාශ්ට ගන්න බැරි වුනේ කියලා.ඒත් දෛවය කියන්නේ හරි අසාදාරන දෙයක්.