Chapter 22

1.1K 185 19
                                    

"අම්මියෝ......අම්මියෝ........නැගිටින්දෝ....."

"ම්හ්හ්ක්ක් දෝණි බලාගෙන දරුවෝ ඔයාව වැටෙයි දැන් ඇද උඩ දගලලා."

"දෝනිව වැතෙන්නේ නා අම්මි,උයා ඉක්මනට ලෑත්ති වෙන්නකු, තාත්තී කිව්වා අපි අද ආච්චම්මා බලන්න යනවා කියලා."

ඊයේ කටුනායක ඉදන් නුවරට එද්දී හොදටම රෑ වෙලා තියෙද්දී අපි ගෙදර ඇවිත් ඇදට වැටුනා විතරයි මතක මට සනීපෙට නින්ද ගියා.උදේ පාන්දර මටත් හොරෙන් ඇදෙන් නැගිටලා ගිය දෝණි අභිගේ කීමට මාව ඇහැරවන්න ඇවිත් තියෙද්දී මමත් ඇදෙන් නැගිටලා bathroom එකට ගියා.

හෙට නඩුව ඊට කලින් අම්මා බලලා එන්න යන්න ඕනා.ඉක්මනට wash එකක් දාන් මං පල්ලෙහාට එද්දිත් තාත්තයි දුවයි කෑම මේසේ ඉදන් මං එනකන් බලන් ඉන්නවා.

මාත් ඉක්මනට ගිහින් කෑම මේසෙන් වාඩි උනේ කෑම කාලා ඉක්මනට යන්න හිතන්.

"පුංචි කතා කරාද අභි"

"හ්ම්ම්ම් ඔව් සුදු,අම්මා රෑ කතා කළා පරිස්සමට ආවද බලන්න.එයාගේ හිතට හරි මදි අපි කෙලින්ම එහෙ නොගිහින් මෙහෙ ආව එක ගැන"

"හ්ම්ම් මොනා කරන්නද අපි වැඩි පරිස්සමටනේ අභි මෙහෙ ආවේ.අනික දැන් කොහොමත් අපි එහෙ යන එකනේ"

ඉස්සර අපි රට යන්න කලින් හිටපු නුවර ගෙදර මේ වෙද්දී වැඩට ඉන්න අය විතරක් ඉද්දි බාප්පයි පුංචි දැන් හිටියේ නුවර එළියේ මහා ගෙදර නැවතිලයි.ඊයේ රෑ වැඩි උන නිසා අපි එහෙ නොගිහින් මෙහෙ ඇවිත් නැවතුනාට මොකෝ පුංචි හිටියේ ඒකට හිත නරක් කරගෙන.

ඉතින් අපිත් ඉක්මනට කාලා නුවර එලි යන්න ලැස්ති උනේ පුන්චිගෙන් තවත් බැනුම් අහන්න බැරි නිසා වගේම හවස් වෙද්දී අපි ආයෙමත් හෙට නඩුවට කොලබ යන්න ඕනේ නිසයි.

.

.

"චුචි ආච්චි....."

"මගේ කෙල්ල....."

අපි ඇවිත් වාහනේ බංගලාව ඉස්සරහා නැවැත්තුවා විතරයි එළියේ අපි එනකන් බලන් හිටපු පුංචිව දැකලා දෝණි කාර් එකෙන් බැහැලා දුවගෙන ගිහින් පුංචිට තුරුල් උනා.

"කෝ අම්මා, ලොකු අම්මා"

"ඔයාලා එනවයි කිව්ව නිසා අන්න දාගෙන නිවීට කන්න මොනාද හදනවා.මං කිව්වට අහන්නේ නෑ බොරුවට මහන්සි වෙනවා පුතා"

Divorce Papers ✔️Where stories live. Discover now