"ලොකු තාත්තා!!"
ඈතින් අපි ඉස්සරහට එන ලොකු තාත්තව දැකලා මට කියවෙද්දී අභිලාශ් මගේ අතකින් ඇදගෙන ලග තිබුන photo booth එක ඇතුලට රිංගුවා.booth එක ඇතුලේ අපි දෙන්නට හැරෙන්න පෙරලෙන්නත් ඉඩ මදි වෙද්දී අපි හිටියේ මුනට මුණ බලාගෙන.
අපි දෙන්නගේ මුණු අතර තිබුනේ සෙන්ටිමිටරේක වගේ පරතරයක් වෙද්දී අභිලාශ්ගේ උණුසුම් හුස්ම මගේ මුනේ වැදුනා.එක විනාඩියකට අපි දෙන්නගෙම ඇස් එකට හම්බවෙද්දී මං ඒ ගැබුරු තද කළු ඇස් අස්සේ අතරමන් උනා.
ඒ ඇස් මටත් නොදැනීම මට මාව අමතක කරද්දී තව දශමයක් එහා මෙහා වෙන්න අපේ තොල් එකට එක හම්බවෙනවා.ඒත් ඊට කලින් හරි සිහියට ආපු මං මුණ අනිත් පැත්තට හැරෙව්වා.
දෙයියනේ තව පොඩ්ඩෙන් මොනාද ඒ වෙන්න ගියේ.නෑ නිවේද් ඔයාට බෑ මොනා උනත් එහෙම හිතන්නවත් කොච්චර කොහොම උනත් ඔයා කසාද බැදපු කෙනෙක්.මට මං ගැනම වැරදි හැගීමක් දැනෙද්දී මං අභිලාශ් දිහා බැලුවා.
ඒත් එයාටනම් ඒ ගැන කිසි ගානක් නැති වෙද්දී එයා ෆොටෝ booth එකේ දොර ඇරන් එලියට ගියා.ඒත් එක්කම ලොකු තාත්තා පෙන්න නැති හින්දා මාත් අභිලාශ් එක්කම එලියට ආවා.
"නිවේද් අංකල් මොකද මෙහෙ කරන්නේ"
"මට අමතක උනා අභිලාශ්,ලොකු තාත්තට summer lotus එකේ shares තියෙනවා.අපි මෙහෙ ඉද්දි වගේම මෙහෙන් ගියාට පස්සෙත් ලොකු තාත්තා සතියකට සැරයක් මෙහෙ එනවා company එක බලලා යන්න."
"හ්ම්ම්ම් ඔයා කියන්නේ අන්කල්ට මේ shopping mall එකේ shares තියෙනවා කියලද එහෙමත් නැත්නම් summer lotus group එකේ shares තියෙනවා කියලද?"
"දෙකේම තියෙනවා.මං දන්න තරමට ලොකු තාත්තා summer lotus group එකේ main share holder කෙනෙක්"
"හ්ම්ම් එහෙමද? අපි යමු ඉක්මනට ආයෙත් අහුවෙන්න කලින්"
.
.
උදේ ගිහින් දවල් එකත් පහු වෙලා ගෙදර ආපු අපි මුළු ගෙදරම සුද්ද කරන්න ගත්තා.එළියෙන් දවල්ට කාලා ආපු නිසා කෑම ගැන ප්රශ්නයක් නැති වෙද්දී අපි මුළු ගෙදරම වගේම මිදුලත් අස්සක් මුල්ලක් නෑර සුද්ද කළා.