Chapter 31

1K 167 4
                                    

මං හිතන්නේ වාසනාව දැන් අපේ පැත්තට කැරකෙන්න පටන් අරන්.අභිලාශ් වගේම භාග්‍යාත් එදා ඇවිත් ගියායින් පස්සේ මං හිතුවේ අභිලාශ් දෝණි ගැන ඇත්ත දැනගැනී කියලා.

ඒත් පුදුමෙකට වගේ අභිනාශුයි ටියානුයි ඇරෙන්න වෙන කවුරුවත් දෝණි කියන්නේ අභිලාශ්ගේ දරුවෙක් කියන්න දැනන් ඉදලා නැහැ.

ඒ නිසා එදා අභිලාශ්ගේ ඇස් ඉස්සරහට දෝනී ආපු එකෙන් ලොකු ප්‍රශ්නයක් උනේ නෑ.

"මෙන්න දැන් ලැබුන පුවතක්."

වීකෙන්ඩ් එක නිසාම අද ගෙදර ඔක්කොම ගෙදර ඉද්දි හවස් වරුවේ මම දොනිත් එක්ක ටීවී එක ඉස්සරහා වාඩි උනේ මාත් එක්ක කාටුන් බලන්න ඕනෙයි කියලා අඩන දෝනිගේ වදෙන් බේරෙන්න බැරි තැන.

ඒත් අපි දෙන්නා විනාඩි පහක් විතර කාටුන් බලන්න ඇති එක පාරටම දුවගේ මුණ නරක් කරමින් ගියපු බ්‍රේකින් නිව්ස් එක මාව පුදුම කෙරෙව්වා.

"අද දහවල් ඕස්ට්‍රේලියාවේ දී සුප්‍රසිද්ද වියාපාරික සිරිල් දයාවංශ මහතා ඔස්ට්‍රේලියාවේදී සිය දිවි නසාගෙන ඇති බවට වාර්තා වෙනවා.

ඊට හේතු වී ඇත්තේ ඔහු විසික් මෙතෙක් කල් රහසේ ගෙන ගිය කළුකඩ වියාපාරයක් ඕස්ට්‍රේලියානු රජය විසින් වැටලීම හා ඔහුගේ විශ්වසනියම සේවකයෙක් ඔහුට අයිති වත්කම් බොහොමයක් වංචා සහගතව මංකොල්ල කෑමයි.

මේ අනුව එම රටවල් දෙක තුල ඔහුට ඉතිරි සියලු වත්කම් ශ්‍රී ලංකාවේ හා ඕස්ට්‍රේලියාවේ රජය භාරයට ගන්නා බව මෙරට පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍යට ප්‍රකාශ කර තිබෙනවා."

"මං හිතන්නේ මිනිහට පිටිපස්සෙන් ඉදන් පිහියෙන් අනින එකේ වගේම පන පිටින් අමු අමුවේ පිච්චෙන එකේ තේරුම හොදටම තේරෙන්න ඇති."

"බාප්පේ"

නිව්ස් එක යනවත් එක්කම අම්මාත් මං ලගට එද්දී පුංචි ඇවිත් දෝනිව අරන් උඩ තට්ටුවට ගියා.

"ඔයා හිතනවද ආශු මගේ අයියට කරපු දේට මං ඌව නිකන් අතාරියි කියලා.ඔය වංචා කරා කිව්ව එකාව මමයි සිරිල් ලග වැඩට දැම්මේ ඒ වගේම ඔයා හිතනවද ඌ වගේ එකෙක් නිකන්ම සුයිසයිඩ් කරගත්තා කියලත්"

Divorce Papers ✔️Où les histoires vivent. Découvrez maintenant