"සුදු අදත් උදේ පාන්දර පටන් ගත්තද මල් එක්ක ඔට්ටු වෙන්න"
"අනේ අභි පොඩ්ඩක් කට වහන් ඉන්නකෝ අප්පා"
"උබටනම් කොච්චර කිව්වත් හැදෙන්නේ නෑ බන්,ඔය විකාරේ ඉවරනම් යනවා අන්න අම්මා තමුසෙට මොනාද හදලා"
රැයෙන් බාගයක් කදුළු බිලා නිදා ගත්ත මං උදෙන්ම නැගිටලා ආවේ මං ආදරෙන් හදන රෝස පාත්තිය ලගට.නුවර නිසාම රෝස පැලයක් නිකන් විසික් කලත් මේ පොළොවේ හරි සරුවට දළු දැම්මා.
ඉතින් ගන්න හුස්මක් ගානේ අභිලාශ්ගේ මතක නිසා හිත පෑරෙද්දී මේ මල් එක්ක ගෙවෙන මොහොතවල් මට සහනයක් ගෙනාවා.
"සුදු පරිස්සමට ඉන්නවා හොදේ,බකපන්ඩිත වැඩ එහෙම කරන්න යනවා නෙමෙයි.මං අද එද්දී රෑ වෙයි වැඩ ඉවර වෙලා එහෙන්ම මං ලොකු අම්මවත් බලලයි එන්නේ"
"මමත් එන්නද අභි"
"කියන දේ අහන්න දරුවෝ,ඔයාව ඔය තත්ත්වෙන් එතනට එක්කන් යන්න බෑනේ.අපි චුටි මැණික හම්බුනාම යමු හොදේ"
මගේ ඔලුවත් අතගාගෙන අභි අතේ තිබුන එයාගේ තොප්පියත් ඔලුවට දාන් ජීප් එකට නැගලා යන්න ගියා.බාප්පා කොහොමත් උදෙන්ම වැඩට යද්දී මං හින්දම අභි වැඩට ගියේ පරක්කු වෙලයි.
අභි ගියාට පස්සේ පැයක් දෙකක් මල් එක්ක ඔට්ටු වෙලා පුන්චිගෙන් බැනුමකුත් අහලා මං කාමරේට ආවේ ඇගට තෙහෙට්ටුවක් දැනුන නිසා.අද වෙනදට වඩා චුටි මැණික ටිකක් වැඩිපුර දගලන හින්දමද කොහෙද කොන්දත් වේදනා දෙද්දී මං ඇදෙන් හාන්සි උනේ ටිකක් නිදා ගන්න කියලා.
ඒත් ටිකකින් මගේ කකුල් මැද්දෙන් නිකන් තෙතයි තෙතයි වගේ දැනෙද්දී එක පාරටම මගේ ඇග දිගේ හිරියක් ගියා.අනේ දෙවියනේ මං හිතපු දේනම් වෙන්න එපා.
මං බයෙන් බයෙන් වගේ ඇදෙන් නැගිටින්න හැදුවත් එක පාරටම මගේ මුළු කොන්දම කවුරුහරි ගලවලා ගන්න හදනවාවගේ වේදනාවක් දැනෙද්දී මං පුංචිට ඇහෙන්න කෑ ගැහුවා.
"අව්හ්හ් අනේ පුන්චීහ්හ්හ්හ්හ"
"නිවී මොකද දර්...දෙවියනේ වෝට බෑග් එක කැඩිලා නේද?කලබල වෙන්න එපා පුතේ ඔයා හොදට හුස්ම ගන්න මං බාප්පට කෝල් එකක් ගන්නම්"