Chapter 36

1K 156 10
                                    

ආයෙම දෝනිට සිහිය එද්දී එයාගේ තත්වේ නොර්මල් කියලා ඩොක්ටර් කියද්දී අපි හැමෝම සැනසීමේ හුස්මක් ගත්තා.දෝනිට සිහිය ඇවිත් ටිකකින් බාප්පා ආවත් අභිනාශ්ට උනේ මොකද කියන එකට බාප්පාගේ උත්තරේ උනේ අභිනාශ් ආයෙම ලංකාවට ආවේ නැහැ කියන එක වෙනකොට දොනිගෙයි මගෙයි ඇක්සිඩන්ට් එක ගැනත් මොකුත් පොලිසියට දැනගන්න ඉඩ නොදී ඉන්න බාප්පා වැඩ කටයුතු කරලා තිබුනා.

එතනින් එහාට දවස් ගෙවිලා ගියේ හරි වේගෙකින්.ඇත්තටම ඒක කාලේ ප්‍රශ්නයක් නෙමෙයි අපි සතුටින් ඉද්දි කාලේ ගෙවෙනවා අපිට තේරෙන්නේ නෑ.ඉතින් ඇත්තටම අපි හිටියේ සතුටින්.අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නේ දෝනිට කොහොමද එයාගේ ඇත්ත තාත්තා ගැන කියන්නේ කියන එක උනත් අපි නොහිතපු විදිහට ඒකට දොනිගෙන් හොද ප්‍රතිචාර තිබුනා.

ලෙයට ලෙයක් අදුනනවා කියන්නේ නිකන් නෙමෙයි වෙද්දී දැන් අභිලාශ් කියන්නේ දෝනිට අප්පච්චි වෙද්දී අභිනව් තාමත් දෝනිට තාත්තම උනා.දෝනිගේ තුවාලේ වේලෙන්න පරක්කු නිසාම එයාව ටික දවසක් hospital නවත්ත ගනිද්දී අපි හැමෝම වැඩි හරියක් හිටියේ hospital එකෙයි.

ඩිවෝස් පේපස් යැව්වත් හරි ඒකට සයින් කරනවා තියා භාග්‍යාව හොයා ගන්නවත් නැති වෙද්දී අභිලාශ් වගේම බාප්පයි අභියිත් භාග්‍යාව හැමතැනම හෙව්වා.

"අභිලාශ්"

"ම්ම්ම්ම්"

Hospital එකේ එක ඇදෙ දෝණි සනීපෙට නිදාගෙන ඉද්දි මම ගිහින්

කාමරේ තිබුන sofa එකේ වාඩිවෙලා උන්න අභිලාශ්ගේ උකුලෙන් ඔලුව තියාගත්තා.

"ඇයි අභිනාශ් මුලින්ම මගේ අම්මා ගැන කියන්නේ නැතුව ඒ ගැන මට අන්තිම මොහොතේදී කිව්වේ"

"එහෙම කලේද උන්ට ඕනේ උනේ මුලින්ම ඔයාගෙයි අභිනාශ්ගෙයි දරුවෙක් වයි.එකයි අම්මා ගැනවත් දේපල ගැනවත් ඔයාට නොකිව්වේ"

අභිලාශ් එහෙම කියද්දී මට මතක් උනේ ඒ කාලේ ආන්වී මට කතා කරලා දරුවෙක් හදන්න කියලා වද දීපු හැටියි.

"ඔව්මයි ඒත් ඒ ඇයි"

"මෝඩයා,උන්ට ඕනේ උනේ ඔයාගේ දේපල දරුවා ලවා ගන්නයි.මොකද ඔයාගේ තාත්තා ඒ දේපල ලියලා තිබ්බේ ඔයාගෙන් පස්සේ ඔයාගේ දරුවෙක්ට ඒක නිකන්ම හැරවෙන විදිහට.ඉතින් උන් බලන් හිටියේ ඔයාට අභිනාශ්ගෙන් දරුවෙක් ලැබෙනකන්.

Divorce Papers ✔️Donde viven las historias. Descúbrelo ahora