"ආශු දන්නවද මං මේ මුළු නුවර town එකෙන්ම වැඩිපුරම ආස මේ වැව රවුමට."
"මෙතන නිස්කලංක හින්දද"
"අපෝ නෑ"
"එහෙනම්"
"මෙතැනදී තමා මට මගේ ආශුව මුණ ගැහුනේ.අන්න ඒ නිසයි"
"ආශ්....."
"දන්නවද දවසක් මං මෙතන පහු කරන් යද්දී මං දැක්කා පුංචි කොල්ලෙක් අඩ අඩ ඉන්නවා.ඉතින් මං කරදරයක්ද කියලා අහන්න හිතන් ඒ පුංචි කොල්ලා ලගට ගියා.ඒත් ඒ පුංචි කොල්ලා පලවෙනි පාරට මගේ මුණ දිහා බලද්දී අනේ අසරණ මං ඒ කොල්ලට වහ වැටුනා"
"යන්න ආශ් යන්න ඔයා මහා නරකයි"
"මං විහිළුවක් කලේ ආශු.ඇත්තටම එදා ඔයාව දැක්ක මුල් දවසෙම මට හිතුනේ ඔයාව ගෙදර උස්සන් යන්න.ඔයා නොදන්නවා උනාට ඔයා හරි හුරතල්"
"ආශ් මේ"
"හ්ම්ම්"
"අපි අද කොහේ හරි දුරකට යමුද"
"ඒ මොකද ඒ?අපි දුර ගිහින් බෑනේ ආශු.ඔයාට ලොකු අම්මගෙන් ගුටි කන්න වෙයි ගෙදර යන්න පරක්කු උනොත්."
"ඒත් මට අද ගෙදර යන්න බෑ ආශ්.අද උදේ මගේ අතින් භාග්‍යා අක්කා ගේ කෝප්පේ බිදුනා.ඉතින් අද ගෙදර ගියාම කොහොමත් මට ගුටි කන්න වෙයි.අනේ එයාලා මාව store room එකට දාලා වහයි ආශ්.ඔයා දන්නවා මං කළුවරට ගොඩක් බයයි කියලා"
"මං පොරොන්දු උනොත් අද මගේ ආශුට ඒ මොනවත් වෙන්නේ නෑ කියලා ඔයා බය නැතුව ගෙදර යනවද"
"ඇත්තටම ඔයාට පුලුවන්ද"
"හ්ම්ම්ම්"
.
.
"භාග්‍යා දූ ඉක්මන් කරන්න ළමයෝ"
"හරි හරි අම්මා මං ready.අම්මා මෙන්න මුසලයා ගෙදර ඇවිත්"
"ආආ නිවේද් උබ ආවද? කුස්සියේ දවල් ඉතුරුවා ඇති උබ කාපන්.අපිට සිරිල් අංකල් dinner වලට invite කරලා අපි යනවා.උබ බුදියගන්නවා එහෙම නෙමෙයි.ඇහැරන් හිටපන් අපි ආපුවම දොර අරින්න"
"හරි ලොකු අම්මේ"
.
.