ඉර එලිය ලාව ජනෙල් තිර අස්සෙන් කාමරේට එද්දී මං මගේ නිරුවත වහන් තිබුන ඇද රෙද්ද අයින් කළා.කාලෙකට කලින් එකම කැළලක් වත් නොතිබුන ඇගේ අද කැළලක් නැති තැනක් නෑ.මට ලොකු හුස්මක් පිට වුනා.එයා මෙලහකට ගිහින් ඇති.
ඇගට අමාරු වුනත් දවසම ඇදෙ ඉන්න බැරි නිසා මං කෙලින් වෙලා ඇදෙන් බිමට කකුල් තියලා නැගිටින්න හැදුවා.ඒත් නැගිට්ට පමාවටම මාව ආයෙමත් ඇදට ඇදන් වැටුනා.අවුරුද්දක් ලං වෙන්න ඇවිල්ලත් තාමත් මට මේ වේදනාව දරාගන්න අමාරුයි.
ආයෙමත් ලොකු හුස්මක් ගත්ත මං හිමින් සැරේ ඇදෙන් නැගිටලා bathroom එකට ගියා.වතුර වැටිලා ඇගේ තිබුන කැළැල් දැවිල්ල ඇල්ලුවත් මං දත්මිටිකාගෙන හිමිහිට නා ගත්තා.නාගෙන ඇවිත් අවුල් වෙලා තිබුන කාමරේ අස් කරන ගමන් මං ඇද දිහා බැලුවා.
ඇද රෙද්ද උඩ තැනින් තැන මගේ ලේ පැල්ලම් වේලිලා තිබුනා.කිලිටි ඇද රෙදි සේරම අයින් කරලා අලුත් ඇද රෙද්දක් දාලා මං කාමරේ අස් කරලා ගියේ පහලට.පහල සාලේ තාමත් ඊයේ රෑ අභිනාශ් පොලේ ගහපු විස්කි බෝතෙලේ කටු තියෙද්දී මං හිමින් සැරේ ඒවත් අස් කරලා කුස්සියට ගියේ දවල්ට මොනාහරි උයන්න.
ඉස්සරනම් මෙහෙම වෙලාවට මං මුල්ලකට වෙලා ඇඩුවත් පස්සේ පස්සේ මට තේරුම් ගියා අඩන එකේ තේරුමක් නැති බව.මේ මං ලබා උපන් හැටි වෙන්න ඇති.ඉපදෙද්දීම අනාථයෙක් විදිහට ඉපදුන මට කවදද සැනසීමක් තිබුනේ.
අභිනාශ් අද රෑටත් සිහියක් පතක් නැතුව බීගෙන එද්දී එයාට යට වෙන්න මට පණක් කටක් තියෙන්න ඕනා.ඒ හින්දම මං හිමිට දවල් කෑම හදන්න ගත්තා.අමාරු නැත්තේ නැතුව නෙමෙයි මගේ ඉනෙන් පල්ලෙහා නෑ වගේ ඒත් දැන් දැන් මට මේ වේදනාව හුරු වෙලා.
මේ ගෙදර සිද්ද වෙන විකාරත් එක්ක ගෙදර servent කෙනෙක් තියාගෙන ඒ මනුස්සයාගේ මුණ බලන්න මට බෑ.ඇරත් අන්තිම වතාවේ ගෙදරට ආපු වැඩකාර කෙල්ල යන්න ගියේ අභිනාශ් අතින් අනාත වෙලයි.ඉතින් එච්චර දේවල් දැනගෙනත් ආයෙමත් කවුරුත් ගේනවට වඩා මංම මේ දේවල් තනියම කරගන්න එක හොදයි කියලා මට හිතුනා.
බැදලා අවුරුද්දක් වෙන්න ආවත් මං ගෙදරින් එලියට බැහැලා තියෙන්නේ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන්.ඒ මං යන්න අකමැති නිසා නෙමෙයි අභිනාශ් මට ගෙදරින් එලියට බහින්න ඉඩ නොදෙන නිසා.නොන්ඩි ගගහා උයා ගත්ත මං දවල්ට කාලා ගෙදර පිටිපස්සේ වෙල් යායට මුණලා හදලා තිබුන බංකුවෙන් වාඩි වුනා.