"බයිලා කියවලා වැඩක් නෑ අයිසේ මට මගේ දරුවාව ඉක්මනට හොයලා දීපන්"
අභිලාශ් සිසිටිවී බලන තැන ඉදන් hospital සිකියුරිටි එකට බනිද්දි මං බලන් හිටියේ අපි room එකෙන් එලියට ගිහින් ටිකකින් නර්ස් දෝනිව වඩාගෙන hospital එකේ ෆයර් එක්සිට් එකෙන් එලියට යනවා.අපි ඉන්න තැන මාස්ක් එක දාන් හිටපු ඒ මුණ දෝනිව අරන් යද්දී සම්පුර්ණයෙන්ම පැහැදිලි වෙද්දී එතන හිටියේ මට හිතුන විදිහටම භාග්‍යයි.
බාප්පා අම්මවයි පුන්චිවයි ආපහු ගෙදර යවලා කොහේදෝ යන්න යද්දී අභි ෆෝන් එක කනේ ගහන එහෙට මෙහෙට ඇවිදින ගමන් දෝනිව හොයනවා.ඒත් එක්කම මගේ ෆෝන් එකට කෝල් එකක් එද්දී මං ඒක answer කළා.
"තමුසේගේ ළමයට ආදරයක් තියෙනවනම් ඔය ෆෝන් එක අරන් කවුරුත් නැති තැනකට යනවා."
කෝල් එකෙන් භාග්‍යාගේ කටහඩ ඇහෙද්දී මං ඉක්මනට ෆෝන් එක අරන් ෆොෂ් room එක ඇතුලට ගියා.
"හොදට අහගන්නවා නිවේද්,කෙල්ලව ඕනේ නම් ලක්ෂ පනහක් අරන් මං එවන ලොකේෂන් එකට වරෙන්.හැබැයි තනියම.උබ ඇරෙන්න මේකට උබ වෙන කාවහරි ගාවගත්තොත් මේ පොඩි එකෙගේ බෙල්ලයි කදයි වෙන වෙනම උබට බලා ගන්න මෙතන තියෙයි."
මං වොෂ් room එකෙන් එලියට ආවත් හැමෝම දෝනිව හොයන සිහියෙන් හිටපු නිසා කාටවත් මාව නොට් නොවෙද්දී මං පුළුවන් තරම් ඉක්මනට hospital එකෙන් එලියට ඇවිත් company එකට ගියා.company එකේ සේප්පුවේ තිබ්බ ලක්ෂ විස්සක් ගත්ත මං මගේ චෙක් පොතත් අරන් කෙලින්ම බැංකුවට යද්දී අභිලාශ්ගෙන් මට කෝල් එකක් ආවා.
භාග්‍යා මේ වෙද්දීත් මට ලොකේෂන් එවලා තියෙද්දී ලොකේෂන් එක බලාගෙන ෆෝන් එක ඔෆ් කරලා දාලා බැංකුවට ගියා.ඉතුරු සල්ලි බංකුවෙන් අරන් පාරේ යන ටැක්සි එකකින් භාග්‍යා එවලා තිබුන ලොකේෂන් එකට යද්දී එතන තිබුනේ අතැරලා දාපු පාලු බිල්ඩිමක්.
මං එතනට අඩිය තියද්දීම මගේ ඔලුවට gun එකක් තද වෙද්දී පිටිපස්සෙන් ආපු භාග්‍යා මගේ අතේ තිබුන සල්ලි බෑග් එක උදුරලා අරගත්තා.ඒ කරලා මාව ඉස්සරහට තල්ලු කරන ගමන් දෝණි ලගට ගෙනියද්දි පුටුවක හිතක් පපුවක් නැතුව ගැටගලා හිටපු දෝණි ලගට දිව්ව මං මගේ කෙල්ලව ලිහාගෙන අනිත් පැත්ත හැරුනා.