මං අභිලාශ් එක්ක ආපහු ගෙදරට එද්දී මං දැක්කේ අපි එනකන් බලන් ඉන්න අභිනාශ්ව.හිතට දැනිච්ච බයත් එක්ක මං මටත් නොදැනීම අභිලාශ්ගේ අත තදින් අල්ල ගත්තා.ඒත් එක්කම අභිලාශ් මං දිහා බලලා ඇස් වලින් කලබල වෙන්න එපා කිව්වා.
ඒත් සිද්ද වුනේ හිතුවටත් වඩා නරක දෙයක්.මෙච්චර වෙලා මං දිහාට හැරිලා තිබුන අභිනාශ්ගේ ඇස් මං අල්ලන් උන්න අභිලාශ්ගේ අත දිහාට හැරුනා.මං ඉක්මනටම අභිලාශ්ගේ අත අතෑරියත් මේ වෙද්දීත් අභිනාශ් දකින්න ඕනේ දේවල් දැකලා ඉවරයි කියලා මට තේරුනේ අභිනාශ්ගේ මුණ තවත් තරහෙන් පිරෙද්දී.
මට ආපහු හැරිලා දුවන්න ඕනේ වුනත් මට ඒක කරන්න බැරි වුනා.අඩියෙන් අඩිය අපි අභිනාශ් ඉන්න තැනට ලං වෙද්දී මට දැනුනේ මගේ හුස්ම හිරවෙනවා වගේ හැගීමක්.
"නිවේද්ට මුකුත් කියන්න එපා.එයාව එක්කන් ගියේ.."
චටාස්ස්ස්.......
"අභිනාශ්!!"
"කට වහගනින්,මේක මගෙයි මගේ මිනිහගෙයි ප්‍රශ්නයක්.උබ මැදට පනින්නේ නැතුව හිටපන්.....
එතකොට තෝ,තොට මං කියලා තියෙනවා මේ වත්තේ හතර මායිමෙන් එහාට අඩිය තියන්න එපා කියලා.තෝ ඔය කියන දේ අහපු විදිහද ආආ...හිටපන් මං අද උබට මං කියන දේවල් ජීවිතේට අමතක නොවෙන්න පාඩමක් උගන්වන්නම්"
අභිලාශ් මාව බේරගන්න හැදුවත් අභිනාශ් ඒ කිසිදෙයක් ගනන් නොගෙන මගේ කම්මුලට ගහලා, මාව ඇදන් ගේ ඇතුලට අරන් ගියා.අභිලාශ් පුදුමෙන් වගේ අපි දිහා බලන්නවා මං ලාවට දැක්කත් මට ඒ ගැන වැඩි වෙලා හිතන්න නොලැබුණේ අභිනාශ් මාව පඩි පෙළ දිගේ ඇදගෙන අපේ කාමරේට ආපු නිසයි.
මං හිතන්නේ අද මගේ අවසානේ.අභිනාශ් කේන්තියෙන් ඉන්න විදිහට අද මාව ඉතුරු කරන එකක් නෑ කියලා මට හිතෙද්දි මට ඇහුනේ අභිලාශ් දොරට තට්ටු කරන සද්දයක්.
"අභිනාශ් මේ දොර අරිනවා.තමුසේ ඔය කොල්ලට මොනාද කරන්න හදන්නේ"
"ඇහෙනවද අරූ කෑ ගහනවා.තමුසේ වෙනුවෙන් ඔච්චර කතා කරන්න තරන් උබ ගැන ඌට තියෙන කැක්කුම මොකක්ද ආඅ.....කතා කරපන් යකෝ..."