මං දැක්කේ මාවමයි.ඒත් ඒ අවුරුදු දොළහක විතර කලින් පොඩි මාව.මීට අවුරුදු දොළහකට කලින් ඉස්කෝලෙන් ගත්ත මේ ෆොටෝ එක, මං හිතන් හිටියේ මං ලොකු අම්මලේ දාල ආව මගේ බඩු ගොඩේ දාලා ඇවිත් කියලයි.ඒත් මං හිතන්නේ මගේ බඩු එක්ක ඒක වැරදිලා මෙහෙ ඇවිත්.
නිල් කොට කලිසමට සුදු අත් කොට කමිසේ ඇදන් මං ඉස්කෝලේ සපෝර්ට් මීට් කාලේ ගත්ත මේ ෆොටෝ එක මගේ ඉස්කෝලේ මතක වලින් ඉතුරුවෙලා තියෙන තවත් එක මතකයක්.
මං ෆොටෝ එක දිහා බලන් කල්පනා කරද්දී එක පාරටම bathroom එකෙන් සද්දයක් ඇහුනා.කලබලේට මුකුත් හිතා ගන්න බැරි වුන මං ඉක්මනට ෆොටෝ එක මේසේ ලාවට ඇරිලා තිබුන ලාච්චුවට දාලා වැහුවා.ඒ කරලා මං හැදුවේ කාමරෙන් යන්න.
ඒත් ඊට කලින් bathroom එකේ දොර අරුනා.අභිලාශ් bathroom එකෙන් එලියට ආවා කියලා මට තෙරෙද්දී මං ඉන්න විදිහටම bathroom එකට පිටුපාලා නැවතුනා.
"හම්බුනේ නැද්ද තාම"
"අහ්හ් නෑ නෑ හම්බුනා අභිලාශ්,මං මේ යන්න කිය්..."
මං හිතන්නේ මට වචන අමතක වුනා.අභිලාශ් මගෙන් ඩයිරි එක හම්බුනේ නැද්ද කියලා අහද්දී මං හම්බුනා කියන ගමන් එයාගේ පැත්ත හැරුනා.ඒත් දෙයියනේ දැක්ක දේත් එක්ක මං ඒ ක්ෂනිකෙන් අනිත් පැත්ත හැරුනා.
"ම්..මං යන්නම් අභිලාශ්"
ආපිට අභිලාශ් උත්තරයක් දෙනකන්වත් නොයිද මං එලියට ආවා.කෙලින්ම නවතින්නේ නැතුව ගෙස්ට් room එකට ආපු මං අදට පැනලා මුණ වහගත්තා.ඇයි දෙයියනේ මට ම මෙහෙම වෙන්නේ.මට දැන් අභිලාශ්ගේ මුණ බලන්නත් ලැජ්ජයි වගේ.
මට ආයෙමත් අභිලාශ්ගේ කාමරේ සිද්ද වුන දේ මතක් වුනා.මං අභිලාශ්ට උත්තර දෙන ගමන් හැරෙද්දී මං දැක්කේ ඉනට විතරක් ටවල් එකක් ඇදන් වතුර බේරෙන උඩු කය නිරුවත්ව හිටපු අභිලාශ්ව.ආශ්ශ්.... අභිලාශ් මං ගැන මොනා හිතුවද දන්නේ නෑ.
එක අතකට මොනා හිතුවත් මට මොකෝ.එතන උනේ වැරදීමක් කියලා ඕන මෝඩයෙක්ට තේරෙනවනේ.එහෙම හිතලා මං හිත හදාගෙන කාමරෙන් එලියට ආවා.
මං යද්දී අභිලාශ් කෑම මේසෙන් වාඩි වෙලා කනවා.ඔහ්හ් මගේ අත හින්දා එයාට කන්නත් බැරි උනානේ.