Chapter 11

1.2K 228 43
                                    

"නිවේද් නැගිටින්න දැන් රෑ වෙලා අපි යන්නත් ඕනේ"

"ම්හ්ක්....."

"අපිට පරක්කු වෙනවා නිවේද්"

"හ්ම්ම්..."

"එන්න.....මේවා දා ගන්න"

අල්මාරිය ඇතුලේ මට සිහි නැති උනාට පස්සේ මං ආයේ නැගිටිද්දී මං හිටියේ කාමරේ ඇද උඩ.අභිනාශ් මෙහෙට ඇවිත් කියපු කරපුවා මතක් වෙලා මං ඒ ගැන අභිලාශ්ගෙන් ඇහුවත් අභිලාශ් කලේ මේ ඒවා කතා කරන්න වෙලාවක් නෙමෙයි කියලා මාව මගෑරපු එක.

එතනින් එහාට මමත් අභිලාශ්ගෙන් මුකුත් ඇහුවේ නැති වෙද්දී අභිලාශ් මට කිව්වේ අපි හවසට මෙහෙන් යනවා කියලයි.යන්නේ කොහෙද? කොහොමද? ඒ කිසිදෙයක් මට නොකිව්ව අභිලාශ් වැඩකට යනවයි කියලා apartment එකෙන් එලියට ගියා.

අභිලාශ් එනකන් බලන් හිටපු මට දන්නෙම නැතුව නින්ද ගිහින් තියෙද්දී මං ඇහැරුනේ අභිලාශ් මට ආයෙමත් ඇවිත් ඇහැරවද්දියි.නිදි ගැට කඩ කඩ ඇස් ඇරපු මට අභිලාශ් කළු කැප් එකක් කළු මාස්ක් එකක් සන්ග්ලාස් දෙකක් එක්ක කළු ඇදුමක් අතට දෙද්දී මං පුදුමෙන් වගේ එයා දිහා බැලුවා.

ඒත් අභිලාශ් මුකුත් නොකියා මට ඇස් වලින් bathroom එක පෙන්නද්දී මං සද්ද නැතුව ගිහින ලෑස්තිවෙලා ආවා.මං ලැස්ති වෙලා එද්දි අභිලාශුත් මං වගේම ඇදගෙන දොර ලගට වෙලා සුට් කේස් දෙකක් ලෑස්ති කරන ගමන් හිටියා.

"නිවේද් හරිද"

"ඕ..ඔව් අභිලාශ් ඒත් ඔයා මොකක්ද කරන්න යන්නේ"

"අපි මෙහෙන් යන්න ඕනේ නිවේද් අභිනාශ් මේ තැන ගැන දන්නවා.ඉතින් අපිට මෙහෙ ඉන්න බෑ.බය වෙන්න එපා අපි දැන් යන තැන ගැන අභිනාශ් ලෙසියකින් සැක කරන්නේ නෑ.එන්න අපි යමු"

මං සද්ද නැතුව අභිලාශ්ගේ පස්සෙන් යද්දී අභිලාශ් ලිෆ්ට් එකේ ඇවිත් car park එකේ තිබුන කළු පාට කාර් එකක් ලගට ඇවිත් මට නගින්න දොර ඇරියා.

"නගින්න නිවේද්,බය වෙන්න එපා මේක මගේ යාලුවෙක්ගේ එකක්.අපි ඉක්මන් කරන්න ඕනේ"

මං කාර් එකට නැග්ගට පස්සේ අභිනාශුත් කාර් එකට නැගලා කාර් එක පාරට දැම්මා.මං පාරවල් ගැන වැඩිය දැනන් නොහිටියත් අහල පහල කඩවල් වල ගහලා තිබුන බෝර්ඩ් වල address කියෝපුවම මට තේරුනා අපි මේ යන්නේ කුරුනෑගල පාරේ කියලා.

Divorce Papers ✔️Where stories live. Discover now