Chapter 32

1K 163 16
                                    

ෆියුනරල් එක ඉවර වෙලා සතියක් ගෙවුනා.අභිනාශ් ගෙන්වත් ආන්වී ගෙන්වත් ආරංචියක් නැතුව දවස් ගෙවිලා යද්දී බාප්පා අපේ ආරක්ෂාව පුළුවන් උපරිමේට තද කළා.

හේතුවක් ඇහුවත් බාප්පා මුකුත් නොකියද්දී අභි පවා මෙදා පාර හිටියේ ලොකු කලබලෙකින්.ඒ දෙන්නම කවදාවත් නැතුව ගෙදර ඉන්න එක පවා අඩු වෙද්දී මගේ හිතටත් යන්තමට වගේ බයක් දැනෙන්න ගත්තා.

"අම්මා ඇත්තටම අභිලාශ් ගේ සීයාට අච්චර තියෙද්දී ඇයි සිරිල් තාත්තගේ දේපල පස්සේ පැන්නුවේ."

"මොකද සිරිල් කියන්නේ එයාගේ තාත්තගේ දරුවෙක් නෙමෙයි නිසයි."

"ඒ කිව්වේ"

"ඇත්තටම සිරිල් කියන්නේ එයාගේ තාත්තගේ පලවෙනි කසාදෙ නෝනගේ දරුවා.පලවෙනි කසාදෙ නෝනා සිරිල් පොඩි කාලෙදිම නැති වෙද්දී එයාගේ තාත්තා එයාගේ දැන් ඉන්න වයිෆ් ව කසාද බදිනවා.

ඒත් ඒ දෙන්නට දරුවෝ හිටියේ නෑ.සිරිල්ට අවුරුදු දහ අටක් විතර වෙද්දී සිරිල් දැනගන්නවා එයාගේ පුතා ඇත්තටම එයාගේ නෙමෙයි එයාගේ පලවෙනි කසාදෙ නෝනගේ කලින් බෝයි ෆ්‍රෙන්ඩ් ගේ දරුවෙක් කියන්න.

කොහොමහරි සිරිල්ගේ තාත්තා සිරිල්ව මෙහෙ බෝඩ් කරලා එයාගේ වයිෆ් එක්ක බිස්නස් වැඩ වලට ලන්ඩන් පදිංචියට යනවා.එදා ඉදන් සිරිල්ගේ තාත්තා සිරිල්ට සැලකුවේ නිකන් අතෑරලා දාපු කෙනෙක්ට වගේ ඒ මනුස්සයා කටින්ම කියලා තිබුනා එයාගේ කියලා නුල් පොටක දෙයක් සිරිල්ට දෙන්නේ නැහැයි කියලා.මං හිතන්නේ ඒ නිසයි සිරිල්ට සල්ලි ඕනේ උනේ."

"එතකොට අම්මා එහෙනම් දැන් ඇයි අභිනාශ්ගේ සියා එයාටයි අභිලාශ්ටයි එයාගේ දේපල ලියන්න හැදුවේ"

"ඒක දන්නේ ඉතින් ඒ මනුස්සයම තමා ආශු.ඒවායින් වැඩක් නෑ එන්න කන්න."

වැඩට නොගිහින් ගෙදර ඉදපු දවසක දොනිත් නසරි නිසා අම්මගේ උකුලට වෙලා කතා කර කර හිටපු මං මෙච්චර දවසක් මගේ හිතට වද දුන්න ප්‍රශ්නේ ගැන ඇහුවා.ඇත්තටම අභිනාශ්ගේ සියා මුලින් පුතාට දෙන්න බැරි උන දේපල ඇයි පස්සේ මුණුපුරන්ට දෙන්න හැදුවේ.

සමහර විට ඕනාවට වඩා සල්ලි දේපල නොතිබ්බනම් සමහර විට අපි කාටවත් මෙච්චර ප්‍රශ්න නොඑන්න තිබ්බා.අනේ මන්දා සල්ලි කියන්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක්.මොකද සතුට සල්ලි වලට ගන්න බෑ කියනවනම් ඇයි මිනිස්සු ලක්ෂ ගණන් වියදම් කරලා දේවල් සල්ලි වලට ගන්නේ.ඒ එයාලට සතුටු වෙන්න නෙමෙයිද?

Divorce Papers ✔️Where stories live. Discover now