Chapter 16

1.1K 198 24
                                    

ආදරණිය රැයක්.මුලින්ම අකමැත්තක් පෙන්නුවත් ජිවිතේ පලවෙනි පාරට මට රාගය ඇතුලේ ආදරණිය බවක් දැනෙද්දී මං මටත් නොදැනීම අභිලාශ්ට යටත් උනා.විශ්වාස කරන්න ජිවිතේ පලවෙනි පාරට මට හිතුනා මනුස්සයෙක්ට මෙච්චර ආදරණිය වෙන්න පුලුවන්ද කියලා.

අගලින් අගල මගේ ඇගේ හැම තැනකටම අභිලාශ්ගේ හුස්ම වැදෙද්දී ඒ පහස එක්ක පලවෙනි වතාවට ,මං රාගයේ ආදරණිය පැතිකඩක් දැක්කා.

උණුසුම් සුසුම්වැල් එක්ක නොනවත්වා එක දිගට ආදරෙයි කියලා කනට කොදුරද්දී මට දැනුන ඒ හැගීම වචන වලින් විස්තර කරන්න කොහෙත්ම බෑ.ඒ තරම් ඒ හැගීම ආදරනියයි.මුලින්ම අභිලාශ්ගේ කැමැත්තට හැමදේම පටන් ගත්තත් ඒ පහස එක්ක හැම දෙයක්ම වගේම ටික වෙලාවකට මට මාවත් අමතක වෙද්දී මමත් හරි හරියට අභිලාශ් එක්ක ඔට්ටු උනා.

ඉතින් අන්තිමේදී හදිස්සියේම මගේ ජීවිතේට ඇවිත් මගේ සැනසීම වෙච්ච අභිලාශ් එදා රෑ මට එයා ගැන අයිතියක් දුන්නා.

.

.

ඔලුවට වගේම ඇගට දැනුන බර ගතියත් එක්ක ඇස් ඇරපු මං දැක්කේ මං ඉන්නේ අභිලාශ්ගේ පපුවේ කියලයි.ඒත් එක්ක ඊයේ රෑ මං කරපු කියපු දේවල් මතක් වෙද්දී මං ඉක්මනට එයාගේ ඇගෙන් අයින් වෙන්න හැදුවා.ඒත් මං අයින් වෙන්න හදද්දී මගේ ඉන වටේ එතිලා තිබුන අභිලාශ්ගේ අත තව ටිකක් තදින් මගේ ඇග වටේ එතුනා.

"කොහෙද මේ හදිස්සියේ දුවන්න හදන්නේ ම්ම්ම්"

"ආඅ...මං මේ....ඔයා නැගිටලද හිටියේ අභිලාශ්"

"හ්ම්ම් ඔව් හැමදාමත් මං හිටියේ නැගිටලා තමා"

"ඒ කිව්...මොකක්! ඒ කියන්නේ කලින් දවස් වලත් ඔයා මේ"

"ඔව් ඔව් හැමදාම මහා රෑට ලගට අරගන්න මනුස්සයා උදේ පාන්දර තේරෙන්නේ නැති වෙන්න හොරෙක් වගේ පැනලා යද්දී ඉතින් නැගිටලා හිටියත් මං නිදි වගේ හිටියා"

"අභිලාශ්....."

"දන්නවද නිවේද් මං මේ ඇස් වලට ආදරේ කරන්න පටන් ගත්ත දවසේ ඉදන් හැමදාමත් මට ඕනේ උනේ මේ ඇස් මට අයිති කරගන්නයි.ඉතින් දැන් ඔයාට ඕනේ උනත් මං කවදාවත් ඔයාට මගෙන් යන්න දෙන්නේ නෑ."

Divorce Papers ✔️Tempat cerita menjadi hidup. Temukan sekarang