මං කම්මුල් පාරක් බලාපොරොත්තුවෙන් ඇස් දෙක වහ ගත්තත් ඒ වෙනුවට මගේ කම්මුලට දැනුනේ උණුසුමක්.මං බයෙන් බයෙන් වගේ ඇස් අරිද්දි මං දැක්කේ මගේ ලගින් වාඩි වෙලා මගේ කම්මුලට අතත් තියන් මං දිහා බලන් ඉන්න අභිනාශ් ව.
එක පාරටම සිද්ද වුන දේත් එක්ක මං පුදුම වෙද්දී මං කලේ පුළුවන් තරම් අභිනාශ්ගෙන් ඈත් වෙන්න හදපු එක.
"අ...මහත්තයා මං ම්..මේ, අනේ ගහන්න එපා මහත්තයා"
"ශ්..ශ්...නිවේද් බය වෙන්න එපා මේ මං"
"අභිලාශ්...."
"හ්ම්ම්ම් මං තමා ඔයාට කොහොමද දැන් අඩුයිද?"
"ම්..මට මොකද වුනේ"
"මට සමාවෙන්න නිවේද් මං දැනන් හිටියට මගේ අයියා තිරිසනෙක් කියලා මං හිතුවේ නෑ ඌ මේ තරම් සතෙක් කියලා"
"අහ්හ්හ්"
"මං නිසා ඔයාට ගුටි කන්න සිද්ද වෙලත් මට මුකුත් කරගන්න බැරි වුන නිසා මට මං ගැනම තරහා ගියා නිවේද් ඒ නිසයි මං ටික වෙලාවකට ඔලුව නිදහස් කරගන්න හිතන් ගෙදරින් ගියේ.ඒත්...ඒත් මං දන්නේ නෑ මං තව ටිකක් පරක්කු වුනානම් මොනා වෙයිද කියලා
මං ආපහු ගෙදරට ඇවිත් බලද්දී ඔයා හිටියේ සීරියස් සිටුවේෂන් එකක,ඒ වෙලේ මට කරගන්න දෙයක් හිතා ගන්න බැරි වුනා.ඔයාව hospital ගෙනිච්චොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසයි මං මෙහෙ ගෙනාවේ.ඔයා දවස් තුනක් තිස්සේ සිහි නැතුව ඉද්දි මට පිස්සු හැදුනේ නැති ටික විතරයි."
මෙච්චර වෙලා මං අභිනාශ් කියලා හිතන් හිටියත් ඒ හිටියේ අභිලාශ්.මං පුදුමෙන් වගේ අභිලාශ් දිහා බලද්දී අභිලාශ් කතා කරන්න ගත්තා.මං අභිලාශ්ව අදුන ගෙන තිබුන මේ කලේ පුරාවටම එයා වචන පාවිච්චි කලේ හරි අඩුවෙන් ඒත් අද එයා හුගක් වෙනස් වෙලා තිබුනා.
වැඩිපුර නිශ්ශබ්දව ඉන්න අභිලාශ් අද මගේ ඉස්සරහා මහා හුගක් කියෙව්වා.එයා කියන හැම වචනයක් පාසාම ඒ ඇස වලින් මට වේදනාවක් පේද්දී හදිස්සියේම මටත් හිතාගන්න බැරි විදිහට මං එයාගේ කම්මුල ඇල්ලුවා.මොන හේතුවකටද මන්දා මට එයා වේදනානාවෙන් ඉන්නවා බලාගෙන ඉන්න බැරි වුනා.