වෙව්ලන කකුල් වලින් ගුටි කන්න බලන් මං දොර දිහා බලන් හිටියා.ඒත් සිද්ද වුනේ කීයටවත් නොහිතපු දෙයක්.වෙනදට සිහියෙන් තියා අසිහියෙන් ආවත් මාව කන්න බලන් එන අභිනාශ් අද සද්ද නැතුව ඇවිත් සෝෆා එකෙන් වාඩි වුනා.
"මොනාද බලන් ඉන්නේ ගිහින් මට බොන්න මොනා හරි ගෙනෙන්"
"ආ..හරි මහත්තයා"
අභිනාශ් දිහා පුදුමෙන් වගේ බලන් හිටපු මට අභිනාශ් කෑ ගහද්දි මං ඉක්මනට කුස්සියට ගියා.මේ කසාදෙ සිද්ද වෙලා මං මේ වහලේ යටට ආපු මේ කාලෙටම අභිනාශ් මෙහෙම ඉදපු අවස්ථා තිබුනේ හුගක් අඩුවෙන්.වෙනාදට දුවිලි පැල්ලමක් හරි අල්ලන් ගෙදර ආපු වෙලේ ඉදන් මාව කන අභිනාශ්ට මං හිතන්නේ අද වෙන ප්රශ්නයක් තිබුනා.
"හරි හරි මමා මං බලන්නම්"
"..........."
"ok ok මං සිහියෙන් වැඩ කරන්නම්."
".........."
"ඔව් උදේ 11 ට විතර ආපුවම ඇති කිව්වා"
මං තේකක් හදන් සාලෙට යද්දී අභිනාශ් හිටියේ call එකක.මං හිතන්නේ ඒ එයාගේ අම්මා.අම්මා කියපු කිසි දෙයක් මට ඇහුනේ නැතත් අභිනාශ් කිවපු දේවල් වලින් මට තේරුනේ හෙට මොකක් හරි විශේෂ දෙයක් තියෙනවා කියලයි.
මං හිතන්නේ කාගේ හරි උපන් දිනයක් වගේ මොකක් හරි වෙන්නැති.ඔය මොන උත්සව තිබුනත් මේ කවුරුත් ඒවාට මට යන්න දුන්නේ නෑ.මං අවේ නැති හේතු පිට මිනිස්සු අහපුවම දයාවංශ පවුලේ උත්තරේ උනේ මං වැඩිය party වලට කැමති නෑ කියන එකයි.
ඉතින් ලොකු අම්මලාගේ ගෙදරදී වගේම මෙහෙදිත් මට කිසිම නිදහසක් නැති වුනා.මටත් කොන් වෙන එක පුරුදු නිසා මං මුකුත් නොකියා හැමදාමත් සද්ද නැතුව බලන් හිටියා.හෙට මොනවා හරි තියෙනවා කියන්නේ සමහර විට මට සැනසීමේ ඉන්න පුළුවන් වෙයි හෙට රෑට.
මොකද අභිනාශ් සතුටින් ඉන්න හැම වෙලේම එයා හොයන් ගියේ ටියාන් ව.ඉතින් සමහරවිට හෙටත් එයා ටියාන් ව බලන්න යයි.මං අභිනාශ් call එකේ ඉද්දි සද්ද නොකර ගිහින් මේසේ උඩින් තේක තියලා කුස්සියට ආවා.තාම වෙලාව අටටවත් නැති නිසා අභිනාශ් රෑට කාලා නැතුව ඇති කියලා හිතන් රෑට කන්න හදන්න පටන් ගත්තා.