"අහ්හ්"
"මල්ලි ඉක්මන් කරනවද පොඩ්ඩක්?"
බඩේ දරුවෙක් ඉන්න නිසාම හිමින් මං සැරේ බස් එකෙන් එකෙන් බහින්න ගියත් කොන්දොස්තරගේ කෑ ගැහිල්ල එක්ක තව පොඩ්ඩෙන් මං බහිනවා කෙසේ වෙතත් වැටෙනවා.
අන්තිමට පැය ගානක ගමනකට පස්සේ මං මාතලේට ආවා.මාස ගානක් මගේ ජිවිතේ ආදරනියම කාලයක් ගෙව්ව මට හුරු පුරුදු නගරය.
බස් එකෙන් බැහැල ත්‍රි වීල් එකක් අරන් මං, මායි අභිලාශුයි ජිවත් උන අපේ ආදරණිය පුංචි ගෙදරට ආවා.
යන ගමන පුරාවටම මං හිතුවේ මේ ආරංචිය අභිලාශ් දැන ගත්තම එයාට මොනා හිතෙයිද කියලයි.මට විශ්වාසයි මේක අහලා එයා මටත් වඩා සතුටු වෙයි.
මං දන්නවා මං එදා කිව්ව දේවල් නිසා අභිලාශ්ගේ හිත හොදටම රිදෙන්න ඇති.ඒත් ඒ වෙලාවේ මං අසරණයි.මං එදා අභිලාශ් එක්ක ගියානම් උන් අනිවාරෙන්ම කිව්ව විදිහටම අභිලාශ් ඇරුනම මට මේ ලෝකේ ඉතුරු වෙලා ඉන්න අන්තිම කෙනා වෙච්ච එයාට කරදරයක් කරයි.
ඒත් මට විශ්වාසයි දැන් මමත් අතුරුදහන් නිසා උන් එයාට මොකුත් කරන එකක් නැති වෙවී.එහෙම කලත් මං මේ වෙලේ අම්මෙක් විදිහට අසරණයි.මට විශ්වාසයි එයා මේ දේවල් දැනගත්තොත් එයා අනිත් කාටත් වඩා මගේ තත්ත්වේ තේරුම් ගනීවි.
මගේ කල්පනාවේ තරම කොච්චරද කියනවනම් ත්‍රි වීල් එක ඇවිත් ගේ ඉස්සරහින් නවත්තනකන්ම මං දන්නේ නෑ.මං ත්‍රි වීල් එකෙන් බැහැලා උදේ ලැබුණු දාහෙන් ඉතුරු වෙලා තිබුන පන්සීය ත්‍රි වීල් එකට දීලා ගේට්ටුවත් ඇරන් ඇතුලට ආවා.
ඒත් මං බලාපොරොත්තු උන කිසිදෙයක් ඒ විදිහටම තිබුනේ නෑ.
මං මෙහෙන් යද්දී ලස්සනට තිබුන මිදුල මේ ටික දවසට වල් වැදීගෙන එන ගමන් තිබුනා.හවස් වරුවට අභිලාශ් එක්ක වාඩි වෙලා ඔහේ කියෝපු බංකුව උඩ තිබුන මං ආදරෙන් බලාගත්ත ස්ටෝබෙරි පැලේ පවා මැරිලා ගිහින් තිබුනා.
මිදුල පුරාම මං මෙහෙන් ගියත් හරි කවුරුත් ඉදලා නෑ කියන්න සලකුණු තියෙද්දී මං ඉක්මනට දොර ලගට ගියා.පුරුදු විදිහටම දොරට එහා පැත්තේ තිබුන රෝස පෝච්චිය යටින් යතුර ගත්ත මං ගෙදර දොර ඇරන් ඇතුලට ගියා.