Prologue

3.6K 251 28
                                    

දැනෙනා සෙනෙහෙ අයිතිය නැති මා...

කවුරුන්දෝ කියලා ඇසුවා...

අපගේ වරදේ ගැඹුරක් දැනෙනා...

දවසේ මොහොතක් මන් සිතුවා....

.

.

.

ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ අභිලාශ් ඔයා බලන් ඉන්නේ කවදාවත් සිද්ද නොවෙන දෙයක් වෙනුවෙන් කියලා...

සිද්ද වුනත් නැතත් ඒ දේ වෙනුවෙන් බලන් ඉන්න මට තහනමක් නෑ නේද නිවේද්....

මට ඔයාට ආදරේ කරන්න බෑ අභිලාශ්,නෑ මට ආදරේ කරන්න අයිතියක් නෑ...මගේ අයිතියවත් තවදුරටත් මට නැති කොට කොහෙන්ද මට ආදරේ කරන්න අයිතියක්...

මං දන්නවා මං පරක්කුයි කියලා නිවේද්, ඒත් ඇයි ඔයාට බැරි මට එක අවස්ථාවක් හරි දෙන්න...

මං කසාද බැදපු මිනිහෙක් අභිලාශ්, මේක වැරදියි...

ඔයා සතුටින්නම් මං ඔයාගෙන් ඈතට යනවා නිවේද්, ඒත් මං දන්නවා ඔයා ජිවත් වෙන්නේ අපායක කියලා.එකම එක පාරක් මට අවස්ථාවක් දෙන්න ඔයාට සැනසීමක් ගෙන්න, එකම එක අවස්ථාවක් විතරයි මං ඉල්ලන්නේ.... ඔයා ඔහොම ඉන්නවා බලන්න මට බෑ නිවේද් මොකද මං ඔයාට ආදරෙයි...

මිනිස්සු අපි දිහා කොහොම බලයිද අභිලාශ් මේක අනියමක්...

කාට කොහොම වුනත් මට වැඩක් නෑ නිවේද් මොකද ආදරේ කියන්නේ ආදරෙටමයි.මට අදාල නෑ ඒකට කවුරු කොහොම මොන නම දීලා කතා කලත්....

මට බයයි අභිලාශ්, ආදරේ කරලා විදවන්න මං හරි බයයි.මොකද මොන දේ කොහොම වුනත් සමාජේ අපේ සම්බන්දෙ දකින කෝනෙන් කවදාවත් අපිට ගැලවෙන්න බැරි වෙයි...

එකම එක පාරක් මට ඔයාගේ ජීවිතේට එන්න ඉඩක් දෙන්න නිවේද් .එතනින් එහාට මං පොරොන්දු වෙනවා කවදාවත් අපේ සම්බන්දෙ අනියමක් වෙන්න මං ඉඩ තියන්නේ නෑ කියලා...

කොහොමද අභිලාශ් කොහොමද ඒ...මං කොච්චර උත්සහ කලත් ගැලවෙන්න බැරි වුන, මේ අපායෙන් ගැලවෙන්නේ කොහොමද මං.ඒකට කවදාවත් මට ඉඩක් නෑ අභිලාශ් කවදාවත් නෑ...

නෑ පුළුවන්...මෙච්චර දවසක් ඔයාට ඒ තීරණේ ගන්න බැරි වුනේ ඔයා වෙනුවෙන් කවුරුත් නැති නිසානේ ඒත් දැන් ඔයා වැටුනොත් අල්ල ගන්න ඔයාගේ පිටිපස්සෙන් මං ඉන්නවා.ඉතින් කොහොමද ඔයා කියන්නේ ඔයාට ඉඩක් නෑ කියලා...

අභිලාශ් ඔයා කියන්නේ........

Divorce Papers සයින් කරන්න නිවේද්,මං වෙනුවෙන් නෙමෙයි ඔයා වෙනුවෙන්වත් ඒ අපායෙන් නිදහස් වෙන්න...

.

.

.

.

.

.

.

.

.

.

මොකත කියන්නේ චුචිත්තක් විතර අඩමුද?😌

ටිකක් වෙනස් විදිහේ කතාවක්.බය වෙන්න එපා අනිවාරෙන් happy ending තමා.

චුට්ටක් අඩන්න වෙයි ඒත් ඉවසීමෙන් කියවන්න කියලා ඉල්ලනවා.

හුගක් වෙනස් විදිහේ ප්ලොට් එකක් එක්ක අමුතුම විදිහේ කතාවක් මේක.😉

Hidden flames ඉවර උනාම අරගෙන එන්නම් add කරලා තියා ගන්න.

.

.

Yuki...🥀

Divorce Papers ✔️Where stories live. Discover now