Chapter 15

1.1K 205 26
                                    

ඇත්තටම මායි අභිලාශුයි අතර තියෙන මේ බැදීම මොකක්ද?ඒක මොකක් උනත් මට එක දෙයක් විශ්වාසයි අපි දෙන්නගේ මේ බැදීම අසම්මතයක්.මං කසාද බැදපු මනුස්සයෙක්.එහෙම වෙලත් මගේ හස්බන්ඩ්ගෙම මල්ලි ගැන මට මෙහෙම හිතෙන එක වැරදි.

ඒත් මං කසාද බැන්දයි කියලා ඇත්තටම අභිනාශුයි මායි අතරේ බැදීමක් තිබුනද?ලොකු අම්මලාගේ කැමැත්තට කරගත්ත මේ කසාදෙ ඇතුලේ අභිනාශ් මාව දැක්කේ ලිංගික වහලෙක් ගෙදර වැඩකාරයෙක් විදිහට විතරයි.ඒ ඇරුනම අඩුම ගානේ මං හිතන්නේ නෑ අභිනාශ් මං කැමති අකමැති මොනවටද කියලවත් දන්නවද කියන්න.

එහෙම කසාදයක් එක්ක ජිවත් උන මට, මං ගැන හොයලා බලන මගේ කැමැත්ත අකමැත්ත ගැන වද වෙන ඒ හැම දේටමත් වඩා මං වෙනුවෙන් හැම මොහොතේම මගේ ලග ඉන්න අභිලාශ් ගැන ආදරයක් හිතෙන එක ඇත්තටම වැරදිද?

මිට අවුරුද්දකට කලින් අභිනාශ්ව කසාද බදින්න කලින් ආදරේ කරන්න මං හීන මැව්වා වගේම කෙනෙක් මට අද හම්බෙලා හිටියත් මේ වෙද්දී මං හුගක් පරක්කු වැඩි.මොකද මං කසාදෙ කියන සමාජ සම්මතේ ඇතුලේ හිර වෙලා.ඒ බැදීමෙන් මට නිදහස් වෙන්න ඕනේ උනත් මං දන්න එක දෙයක් තියෙනවා,ඒ මං මැරුනොත් ඇරෙන්න මට අභිනාශ් එක්ක තියෙන බැදීමෙන් කවදාවත් නිදහස් බැරි වෙවී.

මිදුලේ තිබුන අලිගැට පේර ගහයට බංකුවට වෙලා මගේ හිතත් එක්කම සංවාදෙක පැටලිලා හිටපු මං මේ ලෝකෙට ආවේ අභිලාශ්ගේ කාර් එකේ සද්දෙට.

උදේ සිද්දියෙන් පස්සේ හදිස්සියේ වැඩකට කියලා එලියට ගිය අභිලාශ් දැන් ආපහු ගෙදර එද්දී හයත් පහු වෙලා තිබුනා.මෙච්චර වෙලා අභිලාශ් එනකන් බලන් හිටපු මං බංකුවෙන් නැගිටලා ගිහින් ගේට්ටුව ඇරියා.

"ඇයි එලියට වෙලා හිටියේ"

"ඔයා පරක්කු නිසා"

"මං කියලමනේ ගියේ නිවේද් මං පරක්කු වෙනවා කියලා.ඇයි බොරුවට මදුරුවෝ කකා එලියට වෙලා හිටියේ"

"ම..මං දන්නේ නෑ"

අභිලාශ්ට උත්තර දෙන ගමන් මං එයාට තේකක් හදන්න හිතන් එයාව මගැරලා කුස්සියට ආවා.ඇත්තටම අභිලාශ් අහපු ප්‍රශ්නෙට උත්තරේ මං දන්නේ නෑ.

Divorce Papers ✔️Where stories live. Discover now