Chapter 27

946 153 11
                                    

ආදරේ කියන්නේ හරි පුදුමාකාර දෙයක් ගින්නෙන් පස්සේ දවසේ උදේ ඉතුරු උන සාක්ෂි තියෙනවනම් විනාස කරන්න හිතන් ආන්වී එක්ක සිරිල් ආපහු නිවේන්ගේ ගෙදරට එද්දී එයාලා දැක්කේ ආශිව තුරුල් කරන් පිච්චිලා ඉන්න නිවේන්ව.

ආන්වී ලගට ගිහින් බලද්දී අන්තිමේදී නිවෙන්ගේ පුංචි බලාපොරොත්තුව ඉෂ්ට වෙලා තිබුනා.නිවේන් මේ වෙද්දීත් මේ ලෝකේ අතැරලා ගිහින් තිබුනත් එයාට පුළුවන් වෙලා තිබුනා එයාගේ ආශිගේ ජිවිතේ බේරගන්න.

තාමත් හුස්ම ගන්න ආශිව දැක්ක ආන්විට ඕනේ කලේ ආශිව මරලා දාන්නයි.ඒත් සිරිල් කියන්නේ මලකුනත් විකුණන් කන ජාතියේ මිනිහෙක් වෙද්දී ඌ ආශිව අනාගත ප්‍රයෝජනෙට ඉතුරු කරගන්න තීරණය කළා.

සිරිල් රහසේම ගෙනාපු ඇම්බියුලන්ස් එකකට ආශිව දාද්දි යාන්තමට සිහිය ආපු ආශි දැක්කේ එයාගේ මුළු ලෝකෙම උන නිවේන්ගේ පිච්චිලා ගිය මලසිරුරයි.

ආශිගේ ඇහෙන් කදුළු බින්දුවක් ගලන් යද්දී ආයෙමත් ආශිට සිහිය නැතුව ගියා.

.

.

වෙලාවට ට්‍රිට්මන්ට්ස් දෙන්න පුළුවන් උන නිසා ආශි බේරුනත් තමන්ගේ මහත්තයා ඇස් ඉස්සරහම පිච්චිලා යනවා දැකපු දරුවත් නැති උන ආශි මානසික ලෙඩෙක් උනා.

ආශිගෙන් ඉස්සරහට ප්‍රයෝජනයක් ගන්න කියලා හිතන් ආශිව නොමරපු සිරිල් කලේ ආශිව වෙනත් නමකින් කාටවත් හොයාගන්න බැරි පිටිසර මානසික රෝහලක හිර කරපු එකයි.

Author Pov End.

.

.

.

.

.

Niveds Pov.

Present

"ආශිට වගේම නිවේන්ට සිද්ද උන දේවල් ආරංචි ඉක්මනට අපි ලංකාවට ආවත් ඒ වෙද්දීත් සිරිල්ලා ඔයාගේ අම්මගෙයි තාත්තගෙයි ෆියුනරල් එක අරන් ඉවර කරලා තිබුනා.ඉතින් අන්තිමේදී අපි ඔයාගේ අම්මගෙයි තාත්තගෙයි ඉතුරු වුන මතක ත් අරන් ආයෙමත් සදහටම නොඑන්න ඇමෙරිකා වලට ආවා.

ඔයාගේ බප්පටත් අර්මි එකෙන් එහෙ ස්පෙෂල් ඔෆිසර් කෙනෙක් විදිහට රස්සාව ලැබිලා තිබුන නිසා ඒක අමාරු උනේ නෑ.

Divorce Papers ✔️Where stories live. Discover now