"Come on ආශු, come on, ඔයාට පුළුවන් darling.තව ටිකක් අම්මා ලගට එන්න."
"එයා තාම පුංචි වැඩි ආශි,එයාට දැම්ම ලොකුවට ඇවිදින්න අමාරුයි"
"මොනාද නිවී කියන්නේ පුතුට දැන් අවුරුද්දක් වෙන්නත් එනවා.එයා දැන් තනියම ඇවිදින්න ඉගෙන ගන්න ඕනා"
"ඒ උනාට මං කැමති නෑ මගේ කොල්ලා වැටෙනවට"
"යෝ...මේ තාත්තා තමා මගේ කොල්ලව බබා කරන්නේ.එයා කෙල්ලෙක් නෙමෙයි කොල්ලෙක් නිවී"
"එයා කෙල්ලෙක් නෙමෙයි කොල්ලෙක් වුනත් මට මගේ දරුවාට රිදෙනවා බලන්න බෑ ආශී"
"හරි හරි මං දන්නවා පුතු වැටුනම පුතුටත් කලින් බය වෙන්නේ පුතුගේ තාත්තා කියන්න"
"හ්ම්ම් එයා ලොකු වෙලා සතුටින් ජිවත් වෙවී නේද ආශී"
"මොකද නැත්තේ මගේ පුතු ලොකු උනාම හැමදාමත් මේ ලෝකේ සතුටින්ම ඉන්න කෙනා වෙවී"
"ඒකද දැන්මම ඔයා පුතුට සතුටින් ඉන්න කියලා ලියුම් ලියන්නේ"
"ඔයා ඒක කියෙව්වද නිවී,අනේ ඔයානම්"
"නෑ මං අහම්බෙන් දැක්කේ.ඒත් ඇයි ඔයා පුතුට එහෙම ලියුම් ලියන්නේ"
"එතකොට එයා තේරුම් ගනී එයාගේ අම්මටයි තාත්තටයි එයා පුංචි කාලේ ඉදන් ඕනේ වුනේ එයා සතුටින් ජිවත් වෙනවා බලන්න කියලා"
"අනේ මන්දා ආශි ඔයානම් පොඩි ළමෙක් වගේ"
"මෙන්න වැඩක් පුතු එන්න කලින් මං නෙමෙයිද ඔයාගේ පොඩි බාබා."
"ඔව්....ඔව්....හරි ඉතින් ඔහොම තරහ ගන්න හොද නෑ අම්මි"
"නිවී"
"හ්ම්ම්....ඇයි ආශි ඔයා මේ අඩනවද"
"නෑ නිවී මට සතුටු හිතුනා.එයා ඉක්මනට අපිට අම්මි තාත්ති කියලා කියයි නේද?"
"එයා අනිවාරෙන් ඉස්සල්ලා කියන්නේ අම්මා කියලා ආශි ඔන්න බලන්නකෝ"
"ඔය ඇත්තමද නිවී"
"නැත්නම්...එයා ඔයාට පුදුම තරම් ආදරෙයි ආශී.
හරි හරි දැන් එළියේ හිටියා ඇති ගෙට යමු.නැත්නම් අම්මි පුතුයි දෙන්නම අසනීප වෙයි පින්න බාලා"