පිටිපස්සෙනුයි කොන්දෙනුයි දැනෙන වේදනාවට බිම නිදා ගන්න අමාරු වුනත් මං ගෙස්ට් room එකේ ඉන්නවා දැක්කොත් අභිලාශ් හේතු අහන්න පුළුවන් නිසා අමාරුවෙන් උනත් මං රෙද්දක් එලන් බිම නිදා ගත්තා.
කොන්දෙනුයි යටි බඩේනුයි දැනෙන වේදනාවට මට රෑ තිස්සේ නින්දක් නැති මං වේලස්සන නැගිටලා කුස්සියට ආවා.ලා අරුනැල්ලක් විතරක් තාම පොළොවට වැටිලා තියෙද්දී ඊයේ රෑ තරම් නැති වුන් උනත් තාමත් වේදනා දෙන කොන්දත් අතගානෙන මං කුස්සියේ දොරෙන් එලියට ඇවිත් බංකුවෙන් වාඩි වුනා.
ගොයම් පැල හැදිච්ච කුඹුරේ මඩේ හිටෝලා තිබුන පොල් පිත්තක් උඩ උන්න බකමුනෙක් හුම් හුම් කියද්දී මං අහස දිහා බැලුවා.ලාවට ඉර එලිය නිසා කළුවර මැකුනත් හද තාමත් අහසේ තිබුනා.පෝය පහු වෙලා තාම වැඩි දවසක් නැති හින්දද කොහෙද හද තාමත් රවුමට තියෙද්දී,මං හද දිහා බලන් හුස්මක් පාත දැම්මා.
මටත් කවදා හරි හදට අයිති තවත් එක තරුවක් වෙන්නේ නැතුව හදට අයිති එකම තරුව වෙන්න බැරි වේවිද?කවදාවත් වෙන්නේ නැති වුනත් මං එහෙම වෙනවනම් කියලා හීන දැක්කා.දන්නවද කවදා හරි හැබෑ වෙන්නේ නැහැයි කියලා දන්න හීන හිතෙන් හරි මාවාගන්න එක සමහර වෙලාවට හිතට සැනසීමක් ගේනවා.
"හද දිහා බලන් මොනාද කල්පනා කරන්නේ"
මගේ පිටිපස්සෙන් ඇහුන කටහඩත් එක්ක මං ගැස්සිලා යද්දී මං පිටිපස්ස බැලුවා.දුම් දාන කෝප්ප දෙකක් අතේ තියන් මං දිහා බලන් උන්න අභිලාශ් මගේ එහා පැත්තෙන් වාඩි වෙලා මට එක කෝප්පයක් දුන්නා.කෝප්පේ අතට ගද්දිම මට කෝපි සුවද දැනෙද්දී තාම උණු නිසා බොන්නේ නැතුව මං කෝපි සුවදට ඉව අල්ලන්න ගත්තා.
අනේ මන්දා ඉස්සර තනි වුන වෙලාවට මගේ හිත හදන්න කවුරුත් නැති වුනත් දැන් එහෙම වෙන හැම වෙලේම මොන විදිහකින් හරි අභිලාශ් මගේ හිත නිවන්න ඇවිත් හිටියා.
"ඔයා කරදර වුනේ ඇයි අභිලාශ් මට කතා කරන්න එපැ."
"අවුලක් නෑ මට හිතුනා මං කළා"
"හ්ම්ම්ම්....අහ්හ් තිත්තයි,අභිලාශ් ඔයාට මේකට සීනි දන්න අමතක වුනාද?"