මගේ ඉස්සරහා හිටියේ තවත් අභිනාශ් කෙනෙක්.විස්වාස කරන්න අමාරු වුනත් මං දැක්කේ එකම වගේ දෙන්නෙක්.ඒත් වෙනසක් තිබුනා අභිනාශ් ගේ සල්ලාල ඇස් වෙනුවට මං ඉස්සරහා හිටපු රූපෙට තිබුනේ කෙනෙක්ව අතරමන් කරන්න පුළුවන් තරම් ගැඹුරු,තද කළු පාට ඇස් දෙකක්.
ඒ වගේම ඇවිත් ඉන්න කෙනාට තිබුනේ අභිනාශ්ටත් වඩා තද ගති තියෙන නපුරු පෙනුමක්.අභිනාශ් කතා කරලා ආපු කෙනාගේ අවදානේ ගද්දි එයා හිනා වෙලා අභිනාශ් දිහා බලලා මං දිහා බලලා කට කොනකට හිනාවක් දුන්නා.
"අභිලාශ් මේ ඉන්නේ ඔයාගේ මස්සිනා පොඩ්ඩ නිවේද් ආශිංසන"
"අහ්හ් එතකොට බබා මේ ඉන්නේ මගේ වන් ඇන්ඩ් ඔන්ලි සහෝදරයා අභිලාශ් අශ්වින් දයාවංශ"
මාව ලගට අරන් ඉන වටේ අතක් දා ගත්ත අභිනාශ් ඇවිත් හිටපු කෙනාට මාව අදුන්වලා දුන්නා.ඒ කියන්නේ මේ ඉන්නේ අභිනාශ්ගේ නිවුන් සහෝදරයා.ඇහිලා තියෙන විදිහට එයා පොඩි කාලේ ඉදන් ඉදලා තියෙන්නේ ලන්ඩන් වල එයාලගේ grandparents ලා එක්ක.
මං දන්න විදිහට පොඩිකාලේ සිද්ද වුන දෙයක් නිසා අභිලාශ් ඊට පස්සේ ලංකාවට ඇවිත්ම නෑ.මං හිතන්නේ අවුරුදු දාසයේදී වගේ සිද්ද වුන දෙයක්.ඉතින් මෙයා ඇයි හදිස්සියේම මෙහෙ ආවේ.මං කල්පනා ලෝකේ හිර වෙලා ඉද්දි අභිනාශ් මගේ අල්ලන් හිටපු ඉන මිරිකලා අභිලාශ්ට කතා කරන්න කියලා ඉගි කළා.
"හ්..හෙලෝ අභිලාශ්"
මං වචන පැටලී පැටලී කතා කරද්දී අභිලාශ් මට එක බැල්ලමක් විතරක් දීලා අභිනාශ් දිහාට හැරුනා.
"මගේ කාමරේ"
"ආඅ ඒක උඩ අභිලාශ්, යන් මං ඔයාට පෙන්නනම්"
මාව ගණන් නොගෙන අභිලාශ්,අභිනාශ්ට කතා කළා.මං හිතන්නේ මෙයා අභිනාශ්ටත් හපන් කෙනෙක් වගේ.මාව අතැරලා අභිනාශ් උඩ තට්ටුවට ගියේ මට ඕන්නැති මොනවහරි කලොත් මරනවා වගේ බැල්මක් දීගෙන.එයාලා උඩට ගියාට පස්සේ මං කෑම මේසෙට ඇරලා බලන් හිටියා.
වෙනදට මට කෑම මේසෙට ආසවටවත් වාඩි වෙන්න දෙන්නේ නැති මනුස්සයා අද මාව එයා ලගින්ම වාඩි කරන් බලෙන්ම මට කෑම බෙදුවා.මට තේරුම් ගන්න බැරි ඇයි අභිනාශ් මේ විදිහට හැසිරෙන්නේ කියලා.ඇවිත් ඉන්නේ පිට කෙනෙක් නෙමෙයිනේ.අනික එයාගේ පවුලේ ඔක්කොම වගේ දන්නවා අභිනාශ් එයාගේ ජිවිතේ මට දීලා තියෙන තැන ගැන.