(29/8/2024-When I read this story after a long time , I felt ashamed. I should not add 18+ content to the school time . That was a very big mistake I made as a beginner )
ඕයි තිසරු..... තමුසෙ මොන ලෝකෙද ඉන්නෙ "
" සර්.... "
" තමුසෙනම් හැදෙන්නෙම නෑ . තමුසෙ හින්දා මටත් එක්ක ලැජ්ජයි ඕයි. බලනවා මේ පාර ටර්ම් ටෙස්ට් එකෙත් තමුසෙට තමයි මුලු සෙක්ශන් එකෙන්ම අඩුම . ශික්...... එනවා එනවා ඇවිත් මේ ගාන හදනවා "
හැමදාම මේ මනුස්සයා ගිරිය පුප්පන් කෑ ගහනවනෙ . එපා වෙනවා අප්පා. දෙන්න හිතේ ගිහින් මරියානා අගාධෙටම වැටෙන්න .
" මොකද අයිසෙ බලන් ඉන්නෙ . ඉක්මනට බෝඩ් එකට එනවා . අනිත් ළමයිගෙ කාලෙ තමුසෙ මේ කන්නෙ "
කාලෙ කන්න දෙයක් නෑ බොන්න තමයි තියෙන්නේ . කොහෙද මේ මනුස්සයට තේරෙනවයැ .
මොනාද හත්දෙයියයනේ මේ . Cos ! Tan ! අඩේහ් මෙහෙම පාඩමක් කොහෙද තිබ්බෙ ? අදමයි ඇහුවෙ. හොද වැඩේ තිසරු උබට මේ සතියෙම උබ කට්ටි පැන්නනෙ දැන් හරි කන් දෙක ඉවරයි .
" සර්... සර්...මෙ ගාන "
" කවීන්..... කෝ වේවැල "
" සර් අපේ පන්තියේ තිබ්බ එක නැතිවෙලානෙ"
නැතිඋන්නෑ පුතේ මන් හැංගුවා හෙහේ..... හැමදාම ගුටි කන්න බෑ නෙහ් .
" ගිහින් එහා පන්තියෙන් ඉල්ලන් එනවා "
මුගෙ අප්පට..... මෙහෙමයි ගණන් පේපරේට ළකුණු 23 ක් බව ඇත්ත ඒත් සිස්සත්තෙට 174 තිබ්බනෙ එහෙම එකෑ පොඩ්ඩක් සලකන්න ඕනෙනෙ මන් කියන්නෙ .
" සර්... මේ.... "
" ඇයි මොකද ? කවීන්...... තමුසෙගෙ මොනිටර් බැජ් එක අයින් කරන්න කාලෙ හරි වගේ "
" නෑ සර් මන් අරන් එන්නම් "
පව් අසරණයා . මොනා නැතත් ප්රිෆෙක්ට් කෙනෙක්ට ඉල්ලන්න ඉන්න ඩයල් එකනෙ .පන්ති නායක පට්ටම උට හෙන වටිනව.
" සර් එහා පන්තියේ වේවැලක් නෑ කිව්වා "
" ඔෆිස් එකේ එක හරි අරන් එනවා "
ඩයල් එක මූණ ඇඹුල් කරන් පොඩි හාමුදුරුවන්ගෙ ඔෆිස් එක පැත්තට දිව්වා . පස්සෙ එයි " අනේ තිශලු සොරි අනේ ඔයා දන්නවනෙ " යැයි යැයි ගාගෙන .
YOU ARE READING
☯ Yin &Yang ✅
Mystery / ThrillerYIN & YANG - යින් & යැන් දන්නවද තිසරු අපේ කතාව ........ ඒක ඇවිල්ලා ඉවරයි කියලා හිතුව ඒත් ඉවර නැති පොතක දෙවනි කොටස ❤️ ( නම් ගම් සහ අනික් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )